Loading...
Microsoft සමාගම විසින් Control Panel එකට තිත තියයි

කොච්චර කැමති දෙයක් වුනත් කාලයක් යනකොට සමු දෙන්න වෙනවා. ඒක මිස්සුන්ටත් එකයි, ඒ වගේම දැන් පේන විදිහට OS වලටත් එකයි. Microsoft සමාගමත් දැන් Windows වල නැතිවම බැරි program එකක් වෙලා තියෙන control panel එකට සමු දෙන්න තීරණය කරලා තියෙනවා.

මෑතකදී release වුණ ප්‍රධාන Windows updates හැම එකකින්ම වගේ Control Panel එකේ ඇති settings ටිකෙන් ටික Windows Settings app එකට ගේනවා දකින්න පුළුවන් වුණා. මේ October update එකෙන් පස්සේ PC එකේ properties page එකත් control panel එකෙන් අයින් කරලා තියෙනවා. System කියල link එකක් Control Panel එකේ තිබුනට ඒක redirect වෙන්නේ Settings app එකට.

ඒ වගේම Programs and Features option එකත් අලුත් beta (insider) builds වලදී Settings app එකටම redirect වෙනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම Windows Latest වෙබ් අඩවිය ට අනුව නුදුරේදීම අනෙක් options ද control panel එකෙන් ඉවත් වෙනු ඇති.

මේ හැම පියවරක්ම Microsoft සමගම Control Panel එක Settings app එකෙන් replace කරන්න ගන්න උත්සහයක් විදිහට දකින්න පුළුවන්.

එහෙම වෙන්නේ ඇයි?

ප්‍රධානම දේ තමයි Windows වල design language එකට දැන් control panel එක නොගැලපීම. ඒ වගේම touch interface එකකට ගැලපෙන buttons ආදියත් control panel එකේ නෑ. ඔබ දන්න දෙයක් තමයි මේ Control Panel එකයි Settings App එකයි වැටෙන්නේ program category දෙකකට.

අපි control panel එක හඳුන්වන්නේ win32 App එකක් කියල. Settings app එක හඳුන්වන්නේ UWP (Universal Windows Platform) app එකක් විදිහට. ඉතින් දැන් Windows app සියල්ලම වගේ UWP නිසා නුදුරේම මේ Legacy programs, Windows වලින් ඉවත් වෙයි. ඒ කියන්නේ Windows File Explorer එකත් එක්කම.

File Explorer Will Reportedly Get a Facelift with Windows 10 2020
අනාගතයේ File Explorer එකත් මේ වගේ tabs තියෙන UWP app එකක් වෙයි.

කොහොම වුනත් 1985 ඉඳන් තිබුණ මේ Control Panel එක Windows වල මුලිකම කොටසක් නිසා අනාගතයේදී Windows භාවිතා කරන අය වෙනම පරම්පරාවක් බවට පත්වෙන එක වලක්වන්න නම් බෑ (UWP පරම්පරාව?). අපි Windows පාවිච්චි කරද්දී control panel එකත් තිබුණා කියල අනාගතයේ දී අපිට කියන්න පුළුවන් වෙයි.