Loading...
2023න් පසුව HDD Boot Drives වලට තිත තබන්න සැරසෙන Microsoft Windows; SSD අනිවාර්ය වන ලකුණු

Data storage industry එකේ විශ්ලේෂක සමාගමක් වන Trend focus සමාගමේ වාර්තා වලින් පෙනී යන්නේ Microsoft සමාගම Windows 11 පරිගණකවල Primary Storage එක ලෙස 2023 දී HDD භාවිතා කිරීම නවතා ඒ වෙනුවට SSD භාවිතා කිරීම Microsoft සමාගම විසින් අනිවාර්‍යය කිරීමට ඉඩ ඇති බවයි.

Windows 11 වල Hardware Requirements list එකේ Windows 11 සඳහා 64 GB හෝ ඊට වැඩි Storage Device එකක් අවශ්‍ය වනවා, නමුත් දැනට SSD එක Windows install කිරීම සඳහා අවශ්‍ය minimum requirement එක නොවනවා. කෙසේ නමුත් Microsoft සමාගම විසින් දැනටමත්, Direct Storage සහ Android සඳහා වන windows subsystem එකට storage device එක ලෙස SSD එක අත්‍යාවශ්‍ය වනවා. මෙසේ software දෙකකට SSD එක minimum requirement එක ලෙස යෙදීම තුළින් පෙනී යනුයේ අනාගතයේදී Microsoft සමාගම විසින් windows 11 සඳහා ද මෙසේ minimum requirement එක ලෙස යොදා ගත හැකි බවයි.

කෙසේ වෙතත් Trend focus සමාගම විසින් මේ බව Microsoft සමාගමෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මේ පිළිබඳව ඔවුන්ට නිශ්චිත පිළිතුරක් ලබා නොහැකි බවයි.

SSD කියන්නේ HDD වලට වඩා වේගවත් Windows වැනි මෙහෙයුම් පද්ධති සඳහාම ගැලපෙන storage device එකක්. එමඟින් වේගවත්, වඩා ප්‍රතිචාරාත්මක පරිශීලක අත්දැකීමක් ලබා දෙනවා. බොහෝ Laptop සහ Desktop පරිගණක දැනටමත් Main driver එක සඳහා SSD ලබා දෙන අතර සමහර විශාල Files ගබඩා කිරීම සඳහා Secondary device එකක් ලෙස HDD භාවිතා කරනවා. නමුත් සමහර  මාදිලි, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින වෙළඳපලවල, තවමත් HDD එකක් main driver එක ලෙස භාවිතා කරනවා.

Read more:

ඔබට ඉහත වගුවේ දැකිය හැකි පරිදි, පළමු වසර කිහිපය තුළ SSD මිල ශීඝ්‍රයෙන් පහත වැටුණද, තවමත් SSD වලට වඩා HDD storage ගිගාබයිට් එකකට ඉතා අඩු මුදලක් වනු ඇත.

ලොව හොඳම SSD ලැයිස්තුවේ ඉහළින්ම සිටින ඉහළ 1TB NVMe SK Hynix Platinum P41, SSD එකෙහි ගිගාබයිට් එකක් ඩොලර් 0.14 කට පමණ අලෙවි වෙනවා. පහත් මට්ටමේ SATA SSD එකක් වන 1TB Crucial BX500 SSD එක ගිගාබයිට් 1කට $0.08 පමණ මිලකට අලෙවි වනවා. කෙසේ නමුත්, 1TB Seagate Barracuda HDD එක 1GB වනුයේ ඩොලර් 0.05ක් පමණි.

Microsoft සමාගම මේ සඳහා වැඩිදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි නොමැති වනවා. Trend focus සමාගම පවසන්නේ මෙය ලබන වසරේ HDD ඉල්ලුමට බලපෑම් ඇති කරන බවයි. නමුත් HDDs සම්පූර්ණයෙන්ම නවතා දමා SSDs pc වලට ඉක්මනින් ආදේශ කරනු ඇති බව පෙනේ.

Sources: tom's Hardware Trend Focus