Loading...
Google One පරිශීලකයන්ට VPN සේවාවක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ Google One Service එකත් සමග නව VPN Service එකකුත් හඳුන්වාදී තිබෙනවා. මේ VPN Service එක ලගදිම එක්සත් ජනපදයට ලබා දිමට සුදානම් වෙන අතර ඉදිරියේදි අනෙක් රටවලටත් Google One Subscription එක හරහා ලබා ගැනිමට හැකි වනු ඇත.

Google සමාගමේ නිල Blog අඩවියට අනුව මේ VPN Service එක භාවිත කරන්න පුළුවන් වෙන්නේ 2TB Plan එකේ සිට ඉහලට ඇති Google One Plan සමගයි. 2TB Google One Plan එකේ මිල ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඩොලර් 99.99කුයි. මේ වන විටත් 2TB Google One Plan එක භාවිත කරන ඇමරිකා එක්සත් ජනපද Usersලාට ඉදිරි දිනවලදි VPN Support එක ලැබෙනු ඇත. ඒ වගේම මේ 2TB Plan එක භාවිත කරන Family Membersලා පස් දෙනාටත් මේ VPN Service එක පාවිච්චි කරන්න පුළුවන්.

දැනට මේ Google One Service එකේ නව VPN Service එක Android Usersලාට පමණක් පාවිච්චි කරන්න හැකියාව තිබෙන අතරම ඉදිරියේදි iOS, macOS හා Windows වෙතත් මේ සේවාව හදුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරි සති කිහිපයේ දි ඇමරිකා එක්සත් ජනපදයට, එක්සත් රාජධානියට හා කැනඩාව වෙතද මේ Service එක ඉදිරියේදි ලබා දෙනු ඇත. ඒ වගේම ඉක්මනින්ම සියලු රටවල් සදහාද මේ Feature ලබා දිමට කටයුතු කරනු ඇත.

Sources : Google Blog, Gizmochina