Loading...
Mozilla Firefox web browser එක Microsoft Store හරහා ලබා දීමට කටයුතු කරයි

Microsoft Store වෙත දැන් Mozilla Firefox ලබා දී ඇත. Firefox යනු Microsoft Store හි ඇති පළමු Third-Party browser engine ඇති බ්‍රව්සර වලින් එකක් වන අතර, එය Edge, Opera, Brave වැනි browser භාවිතා කරන Chromium engine එක වෙනුවට වෙනුවට තමන්ගේම Gecko Browser Engine එක භාවිතා කරනු ලබනවා.

Microsoft හි නව Open Store ප්‍රතිපත්ති නිසා අවසානයේ Firefox වැනි Third-Party Browser සඳහා Microsoft Store වෙත ඒමට හැකියාව ලැබී තිබෙනවා. අපට තවමත් Microsoft Store හි Chrome Browser එක පෙනෙන්නට නොමැති වුවත්, Opera Browser එකද දැන් Microsoft Store හි ඇතුළත් කර තිබෙනවා දකින්නට පුළුවන්.

Microsoft App Store එකෙහි Firefox බ්‍රව්සරය පෙන්වන අයුරු. Image: TheVerge

"මීට පෙර, ඔබ Windows භාවිත කළ අයෙක් නම් Firefox බ්‍රව්සරය ඔබට අන්තර්ජාලය හරහා Download කර Install කරගත යුතුව තිබුණද දැන් Microsoft එහි Store Policies වෙනස් කර ඇති බැවින්, Firefox ඔබේ Desktop Browser එක ලෙස තෝරා ගැනීම දැන් පහසු වනු ඇත. එහි සියලු නවතම Firefox Features ඇතුළත්ව ඇත.” යන්න Mozilla සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණා.

Microsoft හැර වෙනත් කිසිවකුට නිල වශයෙන් ලබා ගත නොහැකි One-Click Process එකක් සමඟින් Mozilla විසින් Windows හිදී Firefox වෙත මාරුවීම පහසු කර ඇත. Windows 10 හි default browser සැකසීම සඳහා පියවර කිහිපයක් යා යුතුව තිබුණත්, දැන් One-Click කිරීමකින් default browser එක ලෙස Firefox සැකසිය හැක.

Windows 10 හි Default Browser Settings. Image: PCASTA

සිත්ගන්නා කරුණ නම්, One-Click Process එක Firefox හි Microsoft Store Version එකෙහි ක්‍රියා කරන බවක් නොපෙනීමයි. එයින් අදහස් වන්නේ Mozilla විසින් එම Workaround Version එක Store සඳහා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීම හෝ Microsoft Store එක වෙතින් එය ප්‍රතික්ෂේප කිරීම යන දෙකින් එකක් සිදු වී ඇති බවයි.

Microsoft විසින් Windows 11 හි Default Browser එක සැකසීමේ ක්‍රියාවලිය වඩාත් දුෂ්කර කර ඇති අතර, 2015 දී Microsoft වෙත Open Letter එකක් යැවීමේ සිට Windows හි Default Browser Settings වැඩිදියුණු කිරීම සඳහා Microsoft සමාගමට බල කිරීම Firefox විසින් කරනු ලබනවා.

Firefox බ්‍රව්සරය දැන් Windows 10 සහ Windows 11 යන දෙකටම Microsoft Store මගින් බාගත කිරීමට හැකියාව ඇත.

Source: The Verge