Loading...
ලබන සඳුදා සිට බස් ගාස්තු බැංකු කාඩ්පත්වලින් ගෙවීමේ හැකියාව

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය Digital ක්‍රමවේදයක් කරා ගෙන යෑමේ ප්‍රධාන පියවරක් ලෙස, මගීන්ට ලබන සඳුදා (24) සිට බස් ගාස්තු සඳහා බැංකු කාඩ්පත් භාවිත කර ගෙවීම් කිරීමේ අවස්ථාව උදා වනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහන, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තාක්ෂණික මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර, එය නිල වශයෙන් මාකුඹුර බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේදී දියත් කිරීමට නියමිත වනවා.

මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමය හඳුන්වා දීමේ පළමු අදියර යටතේ, ප්‍රධාන අන්තර් පළාත් මාර්ග තුනක් ඇතුළුව, මාර්ග 20ක් පමණ ආවරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, සහ බදුල්ල වෙත ධාවනය වන බස් රථවල මගීන්ට මෙම නව ඩිජිටල් ගෙවීම් පද්ධතිය මුලින්ම අත්විඳීමට හැකි වනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පැවසුවේ, ප්‍රධාන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු පහක් දැනටමත් මෙම වැඩසටහනට සහාය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි.

මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ නවීන ප්‍රවාහන සේවාවක් ලබා දීම අපේක්ෂා කෙරේ.

Source: newsfirst