ලොව පුරාම පාපන්දු රසික රසිකාවියන් නොඉවසිල්ලෙන් බල සිටින පාපන්දු ලෝක කුසලාන අද කටාර්හිදි ඇරඹිමට නියමිතයි.
මෙවර පාපන්දු ලෝක කුසලානය නොවැම්බර් 20 දින සිට දෙසැම්බර් 18 වනි දින දක්වා පැවැත්වෙනවා. ශ්රී ලංකාවේ අපට මේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය TV1 නාලිකාව තුලින් මෙන්ම Dialog TV සහ PEO TV පාරිභෝගිකයන් සදහා නොමිලයේ නැරඹිමේ හැකියාවත් ලබා දී තිබෙනවා.



ඒ අනුව Dialog TV නාලිකා අංක 1 සහ අංක 140 ( HD ) මගින් සහ PEO TV නාලිකා අංක 20 සහ අංක 310 ( HD ) මගින් කිසිදු ගාස්තුවකින් තොරව නොමිලයේ නැරඹිමේ හැකියාව ලැබෙනවා.
එතෙක් මෙතෙක් පැවති පාපන්දු ලෝකයේ වර්තමාන උන්මාදය, FIFA World Cup 2022 සහ තාක්ෂණය පිළිබඳ අප විසින් ගෙන ආ ලිපිය මෙතනින් බලන්න.