කලකට පෙර ඉන්දියානු රජය විසින් PUBG Mobile සහ PUBG Mobile Lite ඇතුලු තවත් චීන ඇප්ස් 117ක් ඉන්දියාව තුල තහනම් කිරිමට කටයුතු කරනු ලැබුවා. මිට අමතරව එම කාල පරාසයේදිම Fortnite Game එකත් Appstore සහ Playstore තුලින් ඉවත් කිරිමට කටයුතු සිදු විම නිසා ඉන්දියානු ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට වෙනත් විකල්ප වෙත යොමු වීමට සිදු වුණා.
මෙයට පිළියමක් විදිහට nCore Games නම් ඉන්දියානු විඩියෝ ක්‍රීඩා නිපදවන ආයතනයක් විසින් Fearless And United: Guards හෙවත් FAU-G නම් PUBG Mobile සදහා විකල්ප Game එකක් නිපදවන බවට එම සමාගම විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
ඒ අනුව මිට පසුගිය දිනකදි ඉන්දියාව සදහා මේ FAU-G Mobile Game එක නිකුත් වු අතර මේ වන විට Google Play Store එක හරහා ගෝලිය වශයෙන් නිකුත් කර තිබෙනවා.
FAU-G goes global ? #1 Free game FAU-G, proudly made in India, is now available worldwide.
— nCORE Games (@nCore_games) February 3, 2021
Download now: https://t.co/4TXd1F7g7J#FAUG #atmanirbharbharat@vishalgondal @akshaykumar @dayanidhimg @BharatKeVeer pic.twitter.com/d0VRG4DynY
මේ Mobile Game එක ඉන්දියානුවන් අතර කොතරම් ජනප්‍රිය වුවාද යන්න ඒ සදහා ලැබුණු මිලියන 4ක වැඩි Pre-registrations සංඛ්‍යාවෙන් පෙනි යනවා. ජනවාරි 26 වන දින ඉන්දියාවේ දි නිකුත් වුණ මේ Mobile Game එකට පැය 24ක් තුල මිලියන 5කට අධික Downloads සංඛ්‍යාවක් ලැබෙනවා. ඒ අනුව nCore Games සමාගම විසින් මේ වන විට මේ Game එක ලොව පුරා සිටින Android Userලාට Download කර ගැනමේ හැකියාව ලබා දි තිබෙනවා.
තවමත් මේ Mobile Game එක iOS Userලා සදහා නිකුත් කර නොමැති අතර ඉදිරියේදි ඔවුන් සදහාද මෙය නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන බව සදහන් කර තිබෙනවා.
Source : Beebom