Loading...
Windows පරිගණක සදහා Nearby Share පහසුකම ලබා දෙයි

Google සමාගම විසින් ඔවුන්ගේම Wireless File Sharing Feature එක වෙන Nearby Share මීට වසර තුනකට පමණ පෙර Android Smart Phones වෙත හදුන්වා දීම සිදු කරනු ලැබුවා. ඉන් අනතුරු මේ සදහා විවිධ Features ඇතුළත් කරමින් අද වෙන විට Android Smart Phone එකක් සහ Windows Pc එකක් අතර Files හුවමාරු කළ හැකි පරිදි සංවර්ධන කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

Open Beta Program එකක් ලෙස Windows සදහා හදුන්වා දෙන මේ Nearby Share පහසුකම මගින් ඔබගේ Smart Phone එක සහ Windows Pc එක අතර Wireless Files හුවමාරු කිරීමේ හැකියාව ලැබෙනවා.


මේ පහසුකම පහත පියවරයන් ඔස්සේ ඔබගේ පරිගණකය සදහා ලබා ගත හැකියි.

• Windows පරිගණක සදහා වෙන Nearby Share Beta App එක Download කර Install කර ගන්න.
• App එක Open කර ඔබගේ Google Account එක වෙතට Sign වි ඔබ සමග Files හුවමාරු කර ගත යුත්තේ කුමන පාර්ශවයන්ටද යන්න 'Device Visibility preferences' ඔස්සේ තොරා ගන්න.
• දැන් සාමාන්‍ය පරිදි ඔබ Android Devices දෙකක් අතර Nearby Share ඔස්සේ Files හුවමාරු කර ගන්නා ආකාරයට ඔබගේ පරිගණකය සමග ද Files හුවමාරු කර ගත හැකියි.

මෙලෙස පරිගණකය සමග Files හුවමාරු කර ගැනිමේදී 80MB පමණ ධාරිතාවයෙන් යුතු File එකක් හුවමාරු කර ගැනිම සදහා තත්පර 20-30ක පමණ කාලයක් ගත වෙන අතර 690MB පමණ File එකක් පරිගණකය සමග හුවමාරු කර ගැනිමට මිනිත්තු 05ක පමණ කාලයක් ගක වෙනු ඇතැයි දක්වන්න පුලුවන්. කෙසේ වෙතත් මේ වේගයන් ඔබගේ Devices සමග වෙනස් විය හැකියි.

ඒ වගේම මෙලෙස Windows පරිගණකය ඔස්සේ Nearby Share පහසුකම භාවිත කිරීමට නම් Windows 10 හෝ Windows 11 Version ඔබගේ පරිගණකයේ තිබිය යුතු වෙන අතරම මේ සදහා Wi-Fi සහ Bluetooth සක්‍රීය කළ යුතු වෙනවා.

Sources: android.com androidauthority.com