Loading...
NOKIA සමාගමෙන් අළුත්ම Notebook එකක් සමග Smart TV පෙලක්

NOKIA කියන ඉස්සර හිටිය තාක්ෂණික ලොවේ පතාක යෝධයාගෙ නම ඇහෙනකොටත් හිතට මාරම ගැම්මක් එනව නේද? මේ කියන්න යන්නෙත් තවත් ගැම්මක් එන දෙයක් ගැන තමයි.

ගිය අවුරුද්දෙ නිකුත් කරපු X-14 Purebook එක කාටද මතක? ඔන්න මේ පාර ලැප්ටොප් වලට අමතරව ස්මාර්ට් ටීවී සීරීස් එකක් එලියට දානවා ඉන්දියාවේදි. අපි මුලින්ම ඒ නෝට් බුක් එක ගැන කතා කරමු.

අනික් අය නෝට් බුක් කිව්වට නොකියලා මේක හඳුන්වන නම පියෝ බුක් කියල. කලින් එලියට දාපු X-14 එකට වඩා අලුත්ම චිප් සෙට් එකක් සහ ප්‍රොසෙසර් එකක් එක්ක එලියට දාපු මේ S- 14 Purebook එක අලුත්ම වින්ඩෝස් 11 එක්ක තමයි එන්නෙ. Intel Core i5 10th Gen Processer එකක් වෙනුවට ඊටත් වඩා powerful ප්‍රොසෙසර් එකක් වන Intel Core i5 11th Gen Processor එකක් හා Xe Graphics Card එකක් මේකට ඇතුලත් කරල තියෙනව.

8GB හෝ 16GB RAM එකක් එක්ක 512GB NVMe SSD එකකින් ගන්න පුළුවන්. USB -C Port එකක්, USB -A Port එකක්, HDMI Port එකක් වගේම 3.5mm Headphone Port එක්ක් හා Micro SD Card Slot එකක්ද මේකට තියෙනවා..

1080p IPS LCD Display එකක් තියෙන මේ Nokia S - 14 Purebook එක ඊළඟ මාසෙ තුන්වැනිදා Flipkart ඔස්සේ මිලදී ගන්න පුලුවන් වෙයි ඉන්දියානු රුපියල් 57000 කට. මේක තමයි ඉන්දියාවේ නිකුත් වෙන පලමුවැනි Windows 11 Laptop එක.

හරි. දැන් අනිත් එක. පලමුවැනි වතාවට නොකියලා එලියට දාන ස්මාර්ට් ටීවී එක. කාන්ඩ දෙකකට බෙදෙන මේ ටීවී සීරීස් දෙකෙන් එක් කාන්ඩයක් QLED 4Kඅඟල් 50, 55 සයිස් එකෙනුත් අනෙක් කාන්ඩය LCD 4K අඟල් 43, 50, 55 වෙනව.. ඒ අතරිනුත් LCD අඟල් 43 1080p මාදිලයකුත් තියෙනව අනික් සමාගම් වල වගේ ගනන් අඩුවටම..

අළුත්ම Android 11 සමඟින් Data Savings Features එක්ක එන මේ ටීවී වල Quad Core 1.1 Ghz Processor එකක් Mali G31 GPU එකක් එක්ක 2RAM එකකින් හා 16GB ROM සමන්විතයි.

Harmon Kardenල Tune කරපු JBL Streo Speakers තියෙන In built Soundbar System එකක් තියෙන මේ ටීවී වල ගනන් වැඩි මොඩල්ස් වල 60w Dolby Atmos Sound System එකක් තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ හැම ටීවි එකක්ම Dolby Vison හා HDR 10 සපොර්ට් කරනව. ඒ කියන්නෙ සුපිරිම Viewing Experience එකක් ගන්න පුළුවන්.

මේ QLED අඟල් 50 ටීවී එක ඉන්දියානු රුපියල් 50,000 කටත් අඟල් 55 ටීවී එක 55,000කටත් ගන්න පුළුවන්. LCD TVs‌‌මේ සයිස් එකෙන්ම QLED TV වලට වඩා රුපියල් (ඉන්දියානු) 5000ක් අඩුවෙන් ගන්න පුළුවන් ලු Flipkart එකෙන්.

Source: GSMArena