Loading...
තම Patent බලපත්‍ අනවසරයෙන් භාවිතා කරන බව පවසමින් Oppo සමාගමට එරෙහිව Nokia සමාගම නඩු පවරයි

Nokia සමාගම විසින් ඔවුන්ට අයත් SEP හා Non-SEP Patent බලපත්‍ර නීති විරෝධීව භාවිත කරන බවට OPPO සමාගමට විරැද්ධව නිතිමය ක්‍රියාමාර්ගය ගැනිමට කටයුතු කර තිබෙනවා.

ඒ Oppo හා Nokia සමාගම් විසින් 2018 වර්ෂයේ දි Nokia සමාගමේ Patent බලපත්‍ර භාවිත කිරිම සදහා ගිවිසුම් ගතවු කාලය ඉක්මවා යාමත් සමග නැවත එම ගිවිසුම අලුත් කිරිමේ යෝජනාව Oppo සමාගම විසින් ප්‍රතික්ෂේප කිරිමත් සමග යි. Nokia සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් මේ පිළිබඳව සදහන් කර තිබෙන්නේ ගිවිසුම අවසන් වු නිසා Oppo සමාගමට තමන්ගේ Patent බලපත්‍ර භාවිත කිරිමට කිසිදු හැකියාවක් නොපවතින බවයි. එබැවින් තම සමාගම විසින් මේ පිළිබඳව නිතිමය ක්‍රියාමාර්ගය ගැනිමට කටයුතු කරන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

2018 දි Oppo සමාගම විසින් Nokia සමාගමත් සමග ගිවිසුම් ගත විමත් සමග Oppo සමාගමට Nokia සමාගමේ Connectivity හා Interface & Security features ආදිය සදහා වු Patent බලපත්‍ර භාවිත කිරිමේ අවස්ථාව උදා වුවා. Nokia සමාගම විසින් මෙලෙම පැමිණිලි ගොනු කර තිබෙන්නේ යුරෝපීය හා ආසියානු වෙළෙඳපොළවල් සදහා යි.

Nokia Patent Revenue

Nokia සමාගම සතුව Patent බලපත්‍ර රැසක හිමිකාරිත්වය තිබෙන අතර Samsung, Apple, LG, Lenovo හා Blackberry ආදි සමාගම් දැනටමත් Nokia සමාගම සමග Patent බලපත්‍ර සදහා ගිවිසුම් ගතව කටයුතු කරනවා. ඒ වගේම ඔබට මතක ඇති පසුගිය කාලයේදි Nokia සමාගමේ Video Innovation Patents භාවිත කිරිම සදහා Samsung සමාගම Nokia සමාගමත් සමග ගිවිසුම් ගත වෙනු ලැබුවා.

Source : Gsm Arena, Foss Patent, Value walk