Loading...
NOKIA සමාගම තම ප්‍රථම tablet එක වශයෙන් T20 නමින් tablet එකක් හඳුන්වා දීමට කටයුතු කරයි

NOKIA සමාගමේ අළුත් නිෂ්පාදන කිහිපයක් ගැන මීට කලින් අපි කතා කලා නේද? මේ කියන්න යන්නෙත් ඒ වගේ තවත් අළුත් දෙයක් ගැන තමයි. මේ device එක තමයි Nokia සමාගමේ පළමු T කාණඩයට අයත් T20 මාදිලියේ Tablet එක. ‌‌‌‌IP 52 Dust & Water proof rating එකක් එක්ක අඟල් 10.36 ක 2K Display එකක් තියෙන SIM Card එකක් දාන්න පුළුවන් Tablet එකක් වගේම Wifi විතරක් තියෙන Tablet එකක් විදිහටත් මේක මිළදී ගන්න පුළුවන්.‌‌

‌‌8200mAh battery එකක් තියෙන මේ tablet එකෙන් පැය 10 ක කාලයක් Video Stream කරන්නත්, පැය 15ක කාලයක් අන්තර්ජාලයේ සැරිසරන්නත් පැය 07 ක කාලයක් පුරාවටම Video Calls ගන්නත් පුළුවන්. 15W Fast Charging Support කලත් මේකට හම්බවෙන්නෙ 10W charger එකක්.‌‌‌‌ Unisoc T-610 Octa core Processor එකක් ඇතුලත් මේ Tablet එක 3GB / 4GB RAM එක්කින් වගේම 32GB / 64GB ROM විදිහට දැරිය හැකි මිළකට ගන්න පුළුවන් කියල Nokia සමාගම කියනව.‌‌‌‌

මේ Nokia T-20 Tablet එකේ ඉහලින් mics දෙකක් තිබෙන අතර වම් පසින් හා දකුණු පසින් Speakers තියෙන නිසාත් OZO Sound System එකක් තිබීම නිසාවෙන් සුපිරිම Stereo Sound එකක රස විඳින්න පුළුවන්. මෙහි Power Button එක දකුණු පසින් යොදා තිබුණත් ඊට finger print sensor එකක් නම් නැහැ. හැබැයි Face Recognition පහසුකම දීල තියෙනව.‌‌‌‌

හොඳ මට්ටමේ Camera System එකක් Tablet එකකින් බලාපොරොත්තු වීමට බැරි වුනත් Video Calls ආදිය සඳහා මේ Tablet එක 8MP Auto Focus පිටුපස හා 5MP ඉදිරිපස ලෙස කැමරා දෙකකින් හා පසු පස LED flasher එකකින්ද සමන්විතයි. ‌‌‌‌

මේ Nokia T-20 Tablet එක සඳහා අවුරුදු දෙකක කාලයක් පුරාවටම අළුත්ම Android 11 Updates ලබා දීම වෙනුවෙන් සහ අවුරුදු තුනක කාලයක් පුරාවටම Security Updates ලබා දෙන බවට සමාගම සහතික වෙනව.‌‌‌‌

Ocean Blue වර්ණයෙන් පමණක් ලබා ගත හැකි මේ Nokia T-20 Tablet එක සඳහාම Accessories ලෙස යුරෝ 40කට Rugged Cover එකකුත් යුරෝ 50කට Flip Cover එකකුත් හඳුන්වා දීමට කටයුතු කරල තියෙනව.

මෙම wifi පමණක් ඇති (4 GB / 64 GB) මාදිලිය පවුම් 180 ක මුදලකටත් SIM Card එක දැමිය හැකි මාදිලිය පවුම් 200 ක මුදලකටත් මිලදී ගන්න පුළුවන්.‌‌‌‌

Specifications කෙටියෙන්-‌‌‌‌

  • Dimensions: Size: 247.6 x 157.5 x 7.8mm‌‌‌‌
  • Weight: 470g (Wi-Fi only 465g)‌‌‌‌
  • Processor: T610 2*A75 1.8Ghz + 6*A55 1.8Ghz‌‌‌‌
  • Display: 10.36”, 2K (1200*2000), 5:3 ratio, in-cell, 400 nits, Brightness boost, Low blue light certification, toughened glass‌‌‌‌
  • Battery 8200mAh, 15W compatible (10W inbox)‌‌‌‌
  • Memory: 3GB/4GB | 32/64GB7, microSD up to 512GB‌‌‌‌
  • Camera: 8MP auto-focus, LED flash‌‌‌‌
  • Front: 5MP (Face Unlock)‌‌‌‌
  • Connectivity: USB connection: USB type-C (USB 2.0), 3.5mm stereo jack, WiFi 802.11 a/b/g/n/ac, Bt 5.0, GPS/AGPS (LTE version), Single nanoSIM‌‌‌‌
  • Networks: 2G, 3G, 4G‌‌‌‌
  • Extra: Dual Microphones, Stereo speakers with power amplifier, OZO Audio, and Playback, FM-radio, IP52‌‌‌‌
  • Operating system: Android 11 (Two-years of OS upgrades)‌‌‌‌

Source: Nokiamob.net‌‌‌‌‌‌, Nokia