Loading...
Nokia සමාගම 4K සඳහා සහය දක්වන Nokia Streaming Box 8000 නම් Android TV box එකක් නිපදවයි

ඔබට මතක ඇති අපි මිට පෙර සදහන් කරා Nokia සමාගම විසින් ඔවුන්ගේම Android Tv Box එකක් නිපදවිමට සුදානම් වන බව. ඒ අනුව Nokia සමාගම හා SEI Robotics සමාගම සමග එකතු වි ඔවුන්ගේ Android Tv Box එක වෙන Nokia Streaming Box 8000 නිපදවා තිබෙනවා. ඒ වගේම මෙය නත්තල් සමයට පෙර වෙළදපොලට එකතු කිරිමටත් ඔවුන් බලාපොරොත්තුව සිටිනවා.

වෙළදපොල පවතින සාමාන්‍ය Android Tv Box එකක් සමග සැසදිමේදි මේ Nokia Streaming Box 8000 ඉතා ඉදිරියෙන් සිටිනවා. අපි දැන් බලමු මේ Android Tv Box‌‌ එකේ Specs ගැන.

Specifications & Features

මේ Android Tv Box එක Quad-core Amlogic S905X3 Chipset එක මගින් බලගැන්වෙන අතර මෙහි 4x ARM Cortex-A55 Cores හා ARM Mali-G31 MP2 GPU එකක් අන්තර්ගත වෙනවා. මෙහි RAM එක 2GB පමණ විය හැකියි.

ඒ වගේම 4K Streaming හැකියව වගේම HDR10 සදහාත් සහය දක්වනු ඇත. හැබැයි මේ Tv Box එකේ Dolby Vision/Atmos පිළිබඳව නම් කිසිදු සදහනක් කර නැ. මේ Android Tv Box එක Android 10 OS එක සමග ලබා ගත හැකි අතර Netflix හා Amazon Prime Video Apps pre-install කර තිබෙනවා. Google Play Store මගින් Android Tv සදහා ගැලපෙන ඕනැම App එකක් ලබා ගැනිමේ හැකියාවත් පවතිනවා.

Built in Chromecast Feature එක හා Google Assistant Remote Control එකක් මේ සමග ලබා දෙනවා. ඒ වගේම මෙය Dual-band WIFI 5 හා Bluetooth 4.2 සමග USB 3.0 Type-A, USB Type-C, Ethernet, HDMI, optical audio, AV හා DC power-in Portවලින් සමන්විත වෙනවා.

මෙය නත්තල් සමයට පෙර ⁣යුරෝපිය රටවලදි මිලදි ගත හැකි වෙනවා.මෙහි මිල ලෙස යුරෝ 100 ($118.74)ක්  පමණ මිලක් දක්වා තිබෙනවා.

Sources : Gizmochina