Loading...
108MP කැමරාවකින් යුතු Nokia X50 නම් ජංගම දුරකතනයක් එලි දැක්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

HMD Global සමාගම විසින් මේ මස මුලදි ඔවුන්ගේ නව Nokia Smart Phone Series කිහිපය පිළිබඳව තොරතුරු ප්‍රකාශ කර සිටියා.  ඒ අනුව ඔවුන් විසින් C, G හා X ආකාරයෙන් Series තුනක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව දැනට පළවෙන තොරතුරුවලට අනුව ඉදිරියේ දි X Series එක යටතේ Nokia X50 ලෙස High End Device එකක් එළිදැක්වීමට HMD Global සමාගම බලාපොරොත්තුවෙන් සිටින බව තොරතුරු වාර්තා වෙනවා.

මේ High End Device එක Qualcomm Snapdragon 775 Chipset එකෙන් යුතුව 108MP Main Camera Lens එකකින් සමන්විත වෙනු ඇති බවට තොරතුරු පළවෙමින් තිබෙනවා. මේ Qualcomm Snapdragon 775 Chipset එක තවමත් Qualcomm සමාගම විසින් එළිදක්වා නොමැති අතර මෙය බොහෝ විට පසුගිය වසරේ නිකුත් වු Snapdragon 765G Chipset එකේ මිලග Version එක විය හැකි වෙනවා. ඒ වගේම මෙය 5nm Chipset එකක්ද වෙනු ඇත.

මේ Device එක සඳහා බොහෝ විට Telephoto lens, Ultrawide module, Macro හා Depth Sensor සමඟින් 108MP වු Main Lens එකක් ද සහිත Camera Setup එක ලැබෙනු ඇතැයි සඳහන් වනවා. ඒ වගේම Zeiss Optics හා OZO Audio වැනි ලොව ප්‍රසිද්ධ සමාගම්ද මේ සඳහා කැමරා හා ඕඩියෝ උපාංග සපයනු ඇති.

Nokia X50 Smart Phone එක අගල් 6.5ක QHD+ 120Hz Refresh Rate එකක් සහිත Display එකකින් සමන්විත වෙනු ඇති අතර මේ සදහා 6000mAh Battery එකක් ලබා දෙනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම බොහෝ විට මේ Nokia Smart Phone එක මේ වසරේ තුන්වෙන කාර්තුවේදි නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : GSM Arena