මේ වන විට ජංගම දුරකථන පුපුරා යෑම් බහුල ලෙස වාර්තා වෙමින් පවතී. මීට දින කිහිපයකට පෙර Samsung ජංගම දුරකථනයක් ගුවන් යානයක් තුළ පුපුරා යෑම පිළිබඳව තොරතුරු ඔබවෙත ගෙන ආවා.
මෙම Poco X3 Pro ජංගම දුරකථනය පුපුරා යෑම වාර්තා වන්නේ ඉන්දියාවේ "Himachal" නම් ප්‍රදේශයෙනි. අදාළ ජංගම දුරකථන පරිශීලකයා පිපිරීමෙහි Photos twitter මාධ්‍ය වෙත එක් කරමින් සිදුවීම විස්තර කර තිබේ. ඔහු පවසන පරිදි මෙම ජංගම දුරකථනය මිළදීගෙන ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරය. එමෙන්ම ජංගම දුරකථනය බෝම්බයක් මෙන් (ඔහු පවසන පරිදි) පුපුරා ගොස් ඇත්තේ Charge කිරීමෙන් අනතුරුවයි. තවද මොහු twitter මාධ්‍යට එක්කළ පණිවිඩයේ Poco සමාගමට යම් තර්ජනාත්මක වදන් දක්නට හැකිය. මොහු පවසන්නේ තම පුපුරා ගිය ජංගම දුරකථනය වෙනුවට වෙනත් ජංගම දුරකථනයක් ලබා නොදුන්නොත් Poco සමාගමට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන බවයි.
I just bought the phone 2 month ago and look at this phone got blast firstly charging 100% than i remove charger than 5 min later blast .shame on uh poco and mi and if uh can not replace this phone i will file case against you @POCOGlobal @IndiaPOCO @MiIndiaSupport @MiIndiaFC pic.twitter.com/BpDrt9hNdU
— Ammybhardwaj (@Ammybhardwaj13) September 4, 2021
මාධ්‍ය ආයතනයක් සමඟ අදහස් දක්වමින් මොහු පවසා ඇත්තේ,
“මම ජීවත් වන්නේ "Himachal" ප්‍රදේශයෙහි වන අතර මම Poco X3 Pro ජංගම දුරකථනය මිලදී ගත්තේ Jawali, Kangra හිDhiman Electronics Works and Mobile වෙතින් මාස දෙකකට පෙරයි. මම දුරකථනය ආරෝපණය (Charge) කර 100% ක් ආරෝපණය වූ විට එය පිටතට ගෙන ඇඳ මතට දමා Washroom එකට ගියෙමි. විනාඩි 5-7 කට පසු මම ආපසු එන විට දුරකථනය ගිනිගෙන ඇති අතර මගේ ඇඳ ඇතිරිල්ල ද පිළිස්සී ඇති බව දුටුවෙමි. මම ඉක්මනින් එය වෙතට ගොස් ගොස් ගින්න නිවා දැමීමට වතුර වත් කළා. "
මොහු තවදුරටත් පවසා ඇත්තේ
“මම දුරකථනය සේවා මධ්‍යස්ථානයට භාර දුන් අතර පැමිණිලි අංකය මට ලැබුණා. දුරකථනය නව එකක් සඳහා ආදේශ කරනවාද නැද්ද යන්න පිළිබඳව සේවා මධ්‍යස්ථානයෙන් අපට තවමත් සහතිකයක් ලැබුනේ නැහැ. මගෙන් සියලු විස්තර ඇහුවත් මම එය වහාම ලබා දුන්නා." යන්නයි.
Sources: https://presswire18.com/, Hindusthan News Club