Loading...
කම්මැලි වෙලාවට Download නොකර PlayStore එකේම ඉඳගෙන offline play කරන්න games 7ක්

ඔයාට කම්මැලි වෙලාවට කරන්න දෙයක් නැත්නම් Download නොකරම Play කරන්න පුලුවන් Games 7ක් ගැන තමා මේ කියන්න යන්නේ.

ඔයාගේ Android Smart Phone එකේ අන්තර්ජාල සේවාව නැති අවස්ථාවක, Download කිරිමකින් තොරව, නොමිලේ සෙල්ලම් කරන්න Games කිහිපයක් හඳුන්වා දෙන්න Google ආයතනය කටයුතු කරලා තියෙනවා. Google ආයතනය විසින් මෙලෙස Offline Play කළ හැකි Games කිහිපය හදුන්වා දුන්නෙ මේ වසරේ පෙබරවාරි මාසයේ පමණ වෙනවා. ඒ නිසා සමහරු දැනටමත් මේ Offline Games ගැන දැනුම්වත් වෙලාත් ඇති. ඒ ගැන දන්න වගේම නොදන්න අයත් මේ ලිපිය කියවලා මේ Games Play කරලා බලන්න.

ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ Smart Phone එක අන්තර්ජාලයට සම්බන්ධ නොමැති අවස්ථාවක, එනම් Data හෝ WiFi සක්‍රීය නොමැති අවස්ථාවක Play Store වෙත පිවිසීමයි. ඉන්පසු ඔයාට පහත ආකාරයේ Offline Play කරන්න පුළුවන් Games තුනක් දැක ගන්න පුලුවන්. ඒ Games ඔවුන් විසින් Snake, Solitaire සහ Hot air Balloon ලෙස නම් කරලා තියෙනවා.

ඒ වගේම මේ පිටුවේ පහලට Scroll කරද්දි ඔයලට බලාගන්න පුලුවන් More Offline Games කියලා තවත් කොටසක්. එතන තියෙන Play Games කියන එක Open කරගත්තාම ඔයාලට පෙනෙයි Google සමාගම විසින් ලබා දිලා තියෙන තවත් Built-in Offline Games හයක් තියෙනවා.

 • Whirlybird
 • Minesweeper
 • Snake
 • Solitaire
 • Cricket
 • PAC-MAN

හැබැයි මේ Built in Offline Games හය සමග අපිට Hot Air Balloon Game එක නම් බලාගන්න හැකියාවක් ලැබෙන්නේ නැ. ඒ Game එක Play කරන්න නම් අපිට ආපහු කලින් Menu එකටම යන්න වෙනවා. එහෙමත් නැත්තම් නැවත play Store එක Launch කරන්න වෙනවා. ඔයාලත් මේ Offline Games Play කරලා බලන්න.