Loading...
පැරණි Gear wearables සඳහා Galaxy S21 සහ අනෙකුත් නව ජංගම දුරකතන සඳහා සහය නොලැබෙන බව Samsung සමාගම දන්වයි

Samsung Member App එක වෙත ලැබුණු Notification එකකට අනුව Samsung සමාගම විසින් 2021 දි නිකුත් කරනු ලබන Smartphone සමග 2013-2014 අතර කාලයේදි නිකුත් කරන ලද සමහර Samsung Gear Wearables Compatible නොවන බව දන්වා තිබෙනවා. මේ අනුව Samsung Galaxy S21 පමණක් නොවේ Samsung Galaxy A32 හා A52 Devices සමගත් මේ පැරණි Samsung Gear Wearables ක්‍රියාත්මක නොවනු ඇත.

Samsung Gear Series එකේ ඇති සියලු Wearables Samsung Galaxy S21 Series එකේ Devices සමග ක්‍රියාත්මක නොවන අතර Samsung Galaxy A32 හා A52 සමග Gear Fit හා Gear S Wearables ක්‍රියාත්මක නොවන බවත් මේ Notification එක අනුව පැවසෙනවා.

මෙලෙස 2021 දි Samsung Galaxy Devices සදහා Compatible නොවන Wearables විදිහට Gear1 (Galaxy Gear), Gear 2, Gear2 Neo, Gear S හා Gear Fit දක්වන්න පුළුවන්. මේ ලැයිස්තුවේ Gear S2 හා Gear S3 ඇතුලත් නොවන අතර ඒවා සදහා 2021 Samsung Devices සහය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Galaxy Club, Gsm Arena