Loading...
OLED Screen නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස තවමත් Samsung ඉදිරියෙන්

ඔන්න Samsung එයාගේ අණසක පැතිරුව තවත් පැත්තක් ගැන පොඩි article එකක් අරන් එන්න හිතුවා මේ ලැබුන ආරංචියත් සමග. OLED Screen ගැන කතා කරද්දි හැමෝම වගේ දන්නවා මේ Screen එකකින් ඉතාමත් හොද මට්ටමේ Output එකක් ලබා ගන්න පුලුවන් බව. ඉතින් Mobile Industry එකේ දැනටමත් 90% වගේ Mobile Phones වලට OLED Display Panels සපයන්නේ Samsung ආයතනය විසින්. ( සමහර අයට මේක කිව්වම විශ්වාස කරන්නෙත් නැ ) කොහොම උනත් මම දන්න තරමින් .Apple, Huawei, One Plus, Xiaomi, Vivo, Etc.. මේ වගේ තවත් ගොඩක් Brand තමන්ගේ Mobile වලට අවශ්‍ය OLED Panels ගන්නේ Samsung ආයතනයෙන්.

Samsung ලා විසින් 2019-2020 වසර වෙන විට මේ අණසක තවත් පුළුල්ව පතුරවලා තිබෙනවා. ඒ කියන්නේ 2020 1st Quarter එක වෙන විට Samsung Display Department එක විසින් 61.6 million smartphone OLED screens ship කරලා තිබෙනවා. ( 90% විදිහට දක්වන්න පුලුවන් අනෙකුත් Display Companies එක්ක බලනකොට ).

මේ විදිහට Increase වෙන්න ලොකුම හේතුවක් විදිහට දකින්න පුලුවන් Samsung ලා විසින් නිෂ්පාදනය සහා මුල් වරට සොයා ගනු ලැබූ Punch Hole Display Panel එක. ඒත් පසුව මේ Display Panel එක තමා මේ කාලේ වෙනකොට සාර්ථකම Panel Type එක කියලා දැනගෙන දැන් 80% වගේ Mobile Companies Popup Tear Drop Notch, Bath Tub Notch වලින් මිදිලා Punch Hole Type එකට ගිහින් තියෙනවා.

2019-2020 වෙනකොට මේ Punch Hole Panel වලට තිබෙන ඉල්ලුම ගොඩක් වැඩි වෙලා තිබෙනවා Samsung ලා විසින් අවුරුද්දක් පමන කාලයක් මේ Punch Hole OLED Panels Samsung Device වලට පමනක් භාවිතා කරලා තමා අනෙකුත් Companies වලට විකුනන්න තිරණය කරේ. ඉදිරියේදී Flexible OLED Panels වගේම Dual Flip OLED Panels වලටද මේ හා සමාන ඉල්ලුමක් ඇති වෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්.