Loading...
OnePlus 8 Pro update එකක් හරහා built in X-ray vision bug එක ඉවත් කරයි

Oneplus සමාගමේ අලුතින් ම release උනු device එකක් තමා OnePlus 8 Pro කියල හඳුන්වන්නේ. මේක Flagship device එකක්. ඉතින් මේක ගැන කතා කරද්දි හරි අමුතු වගේම අලුත් news එකක් ගියා ඒ තමා X-ray vision filter එක. මේ ගැන Android වැඩකාරයෝ අපි මීට කලින් දැනුවත් කරලා තියෙනවා.

ඉතින් මේ OnePlus 8 Pro device එකේ Photochrom filter එක නිසාවෙන් ඇති වූ controversial x-ray vision එක වහාම fix කරන්න OnePlus ලා OxygenOS 10.5.10 update එක එක්ක කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ අනුව තවදුරටත් materials හරහා දැකීමේ හැකියාව OnePlus users ලට හිමි වෙන්නේ නෑ. XDA Developers ලගෙ වාර්තාවකට අනුව මේ update එක දැනටමත් යුරෝපයේ සිටින OnePlus 8 Pro customers ලට roll out වෙලා තියෙනවා.

ඉතින් වැදගත්ම දේ තමා OnePlusලා මේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නේ ඔයාලා/අපි හිතන/හිතපු විදිහට නෙමේ. මේ implementation එක fix කරනව වෙනුවට ඔවුන් කරේ Photochrom filter එක wide-angle camera එකට switch කිරීමයි. කෙසේ වෙතත් අපැහැදිලි කාරණය තමා usual wide-angle sensor එකෙන් ඒ result එකම ගන්න් පුලුවන් නම් ඇයි OnePlus ලා dedicated sensor එකක් add කරේ කියන එක.

ඒ වගේම දැන් මේ filter එක කිසි අවුලක් නැතුව wide-angle lens එක එක්ක operate වෙන නිසා, OnePlus ලා ඔවුන්ගේ wide-angle sensors තියෙන අනිත් devices වලත් මේ feature එක enable කරාවිද කියන දේ ගැන අපිට බලන් ඉන්න වෙනවා.

ඉතින් මේ camera adjustments වලට අමතරව, update එක හරහා improved stability, optimized power consumption, touch interaction වගේ features වගේම June security patch එකත් ලබාදීලා තියෙනවා. පහලින් තියෙන changelog එක බලන්න.

System

-Optimized the touch and interaction experience

-Optimized the high temperature warning to improve user experience

-Fixed the failure to full-charge when battery was charged to 90% and above in a few circumstances Optimized the power consumption performance of the system, battery life extended to be longer than ever

-Fixed the issue with Netflix and Amazon Prime Video unable to play HD video on some machines

-Fixed known issues and improved system stability

-Updated Android Security Patch to 2020.06

Camera

-Adjusted Photochrom filter (OnePlus 8 Pro only)

-Improved the shooting experience with camera and improved stability

Cloud service

-Added the file disk section in file manager: now conveniently upload and store all your files on OnePlus Cloud seamlessly (India only)

Network

-Band 46 CA combo enabled for India Network (India only)

-Improved the stability of communication

-Improved the performance and stability of Wi-Fi transfers

-Optimized network latency for online games and improved the smoothness

ඉතින් මේ update එක දැනටමත් යුරෝපයට නිකුත් වෙලා තියෙන නිසා අනිත් regions වලත් ඉක්මනටම මේක roll out වෙයි කියල expect කරන්න පුලුවන්.

Source: XDA Developers