Loading...
OnePlus 8T දුරකථනය විනාඩි 39කින් අරෝපණය කිරීම සඳහා 65W charger එකක් සහ Dual side battery design එකක් යොදා ගනී

OnePlus සමාගමේ නිල Blog අඩවිය තුලින් ඔවුන්ගේ මිලග Flagship Device එක වෙන OnePlus 8T හි Charging Specs පිළිබඳව විස්තර නිකුත් කර තිබෙනවා.

ඔවුන් මේ සදහා භාවිත කරන්නේ Warp Charge 65 තාක්ෂණයයි. මේ තුලින් එකවර 30W ධාරා දෙකකින් Battery එක ආරෝපණය සිදු වෙනවා. එනම් OnePlus 8T හි ඇති Dual Side Battery Design එක නිසා 30W ධාරා දෙකෙන්ම එකවර ආරෝපණය විම සිදු වෙනවා.

මේ Dual Side Battery Design එක මගින් ⁣8T Device එකේ Battery Capacity එක 4,500mAh දක්වා ඉහල නැංවීමට හැකියාව ලැබි තිබෙනවා. ඒ ව⁣ගේම මේ Battery එකේ ප්‍රමාණය OnePlus 8 Device එකේ ප්‍රමාණයටම සමාන වෙනවා. හැබැයි OnePlus 8 Device එකේ Battery Capacity එක වෙන්නේ 4,300mAh. ඉතින් මේ Dual Side Battery Design එක නිසා අමතරව 200mAh ප්‍රමාණයකින් 8T Device එකේ Battery Capacity එක වැඩි කර ගන්න OnePlus සමාගම සමත්වෙලා තියෙනවා.

වැදගත්ම දේ වෙන්නේ මේ Device එකේ Charging Speed එක. Full Charge විම සදහා මිනිත්තු 39ක් ගතවන අතර මිනිත්තු 15ක දි 58% දක්වා Batteryය ආරෝපණය වෙනවා. ඒ වගේම මේ සමග එන Battery Plus Charging Technology එක Device එක සිසිල්ව තබා ගැනිමට උපකාරි වෙන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

මේ Device එක සමග ලැබෙන Charger එක USB-C Port එකකින් සමන්විත වෙන අතරම Power Cable එකේ දෙපසම USB-C වෙන අතරම මේවා Universal 45W Fast Charger සදහා සහය දක්වනවා. ඒ කියන්නේ මේ Charger එක මගින් අපිට Laptop එකක් වගේ උපකරණක් වුනත් Charge කර ගැනිමේ හැකියාව පවතිනවා.

නවතම OnePlus 8T ජංගම දුරකථනය එලිදැක්වීම ඔක්තෝම්බර් මස 14 වන දින යෙදී ඇත.

Sources : MobileSyrup, Oneplus