Loading...
OnePlus 8T දුරකථනයට Ultra wide selfie cameraවක් ඇතුලත් වන බවට OnePlus සමාගම තහවුරු කරයි

Leaks වලට පින්සිද්ද වෙන්න අපි OnePlus සමාගමෙ මීලඟ flagship device එකේ ඒ කියන්නේ OnePlus 8T එකේ specifications ගැන පොඩි තරමකින් හරි දැනුවත් වෙලා ඉන්නවා. ඉතින් ඒ leaks නිසාම මේ වෙද්දී OnePlus සමාගම සමහර key specifications ගැන confirm කරමින් පවතිනවා. දවස් කීපයකට කලින් OnePlus සමාගම OnePlus 8T හි display specs, 65W warp charge වගේ දේවල් ගැන confirm කලා. ඉතින් දැන් OnePlus සමාගමින් එන අලුත්ම confirmation එක තමයි OnePlus 8T එක ultra-wide-angle selfie camera එකක් feature කරනවා කියන දේ.

ඉතින් මේ confirmation එක ලැබෙන්නේ OnePlus සමාගමේ official twitter handle එකෙන්. “Strike a pose with the #OnePlus8T Ultra Wide Angle Camera” කියන caption එකෙන් මේ විදිහට ඒ tweet එක නිකුත් වෙලා තිබුනා.

ඉතින් මේ වගේ ultra-wide-angle selfie camera එකක් නිසා group selfies ගන්න ගොඩක් පහසුව ලැබෙනවා. මේක ඉස්සෙල්ලාම දැකගන්න හැකිවුනේ OnePlus Nord එකේ secondary camera එකක් විදිහටයි. කෙසේ වෙතත් මේකෙ megapixel count එක ගැන තවම සඳහනක් නෑ. කලින් rumors වල හැටියට නම් මේකට use වෙන්නේ 32MP sensor එකක්. අනිත් camera specs ගැන මතක් කරනවා නම් primary 48MP shooter, 16MP ultra-wide lens, 5MP macro camera, සහ 2MP depth sensor එකක් feature කරන L හැඩයේ camera setup එකක් මේ device එකට feature වීමට නියමිතයි කියලයි rumor වෙන්නේ.

OnePlus 8T එකේ display එක ගැන කත කරනවා නම් 120Hz refresh rate එකක් එක්ක 6.55-inch Full HD+ AMOLED display එකක් feature වීමට නියමිත වෙනවා. ඒ වගේම මේක  Snapdragon 865 SoC එකක් එක්ක එන්න ඉඩකඩ තියෙනවා. ඊට අමතරව 8GB RAM + 128GB සහ 12GB RAM + 256GB කියන storage variants වලින් මේක available වෙන්න පුලුවන්. මේ device එකේ battery එක ගැන කතා කරොත් 65W Warp Charge එක support කරන 4,500mAh battery එකක් feature කරන්න නියමිත වෙනවා. මේකේ OS එක ගැන කතා කරනවා නම් Android 11 base උනු Oxygen OS එක යටතේ මේ device එක නිකුත් වීමට නියමිතයි.

Source : Gizmochina