පසුගිය දිනක OnePlus සමාගමේ අලුත්ම Flagship Smart Phone Series එක වෙන OnePlus 9 Series එක එළි දැක්විමට OnePlus සමාගම විසින් කටයුතු කරනු ලැබුවා. 120Hz Display Refresh Rate එකක් සහිත Display එකකින් සමන්විත වෙන මෙහි Processor එක ලෙස Qualcomm Snapdragon 888 5nm flagship processor එක යොදා ගෙන තිබුණා. ඒ වගේම මේ Series එකේ Camera Setup එක Hasselblad සමාගමේ Camera Technologies මගින් වැඩි දියුණු කර තිබෙනවා.

The OnePlus 9 Pro Smart Phone එක පැමිණෙන්නේ Variable Refresh Rate එකක් සහිත Advanced LTPO Display එකක් සමගිනි. එනම් මේ Smart Phone එක මගින් Gaming හා Videos Watchingවලදි 120Hz ක Ultra Smooth Refresh Rate එකක් ලබා දෙන අතර Pictures හෝ Text නැරඹීමේ දි Display Refresh Rate එක 1Hz දක්වා වෙනස් කර ගැනිමට මේ Smart Phone එක කටයුතු කරනවා. මේ Feature එක අපිට Smart Phone එකේ Battery Life එක දිර්ඝ කර ගැනිම ඉතාම වැදගත් වෙනවා.
ඒ වගේම මෙලෙස ඉහල Refresh Rate පවතින Displayවලින් 30fps හෝ 60fps ආදි videos ද Play වෙන්නේ 120fps බවට පත් විමෙනුයි. මේ සදහා බොහෝ විට භාවිත වෙනු ලබන්නේ
Motion Estimation හා Motion Compensation ( MEMC ) තාක්ෂණයයි. මෙය OnePlus සමාගම විසින් Motion Smooth නමින් හදුන්වනවා.
Pixelworks නම් සමාගම විසින් මේ MEMC software නිර්මාණය කර තිබෙන අතර ඒ මගින් Netflix, Amazon Prime Video හා තවත් බොහෝ Video Streaming වෙබ් අඩවිවලට ඉහළ Refresh Rate එකක් ඇති Display සදහා MEMC තාක්ෂණය මගින් සහය දැක්විමට අවස්ථාව ලබා දි තිබෙනවා.
කෙසේ වෙතත් XDA Developers හි Chief Editor වෙන Mishaal Rahman විසින් පල කරන ලද Twitter සටහනකට අනුව ඔහු කියා සිටියේ OnePlus 9 Pro Smart Phone එකේ පවතින Motion Smoothing Technology එක Pornhub වෙබ් අඩවිය සදහා ක්රියාත්මක නොවන බවයි.
So uh, I was looking for the full list of apps that the OnePlus 9 Pro's MEMC works in when I found an interesting entry.
— Mishaal Rahman (@MishaalRahman) March 25, 2021
Seems Pixelworks put PornHub in its MEMC allowlist but OnePlus disabled it lol. pic.twitter.com/4WGa9Rcy0A
ඔහු වැඩි දුරටත් සදහන් කර තිබුණේ බොහෝ විට මෙය යම් දෝෂයක් විමට අවස්ථාව පවතින අතර මෙය OnePlus Smart Phone එකක දක්නට ලැබුණ අමුතුම bug එකක් වෙනවා.
Source: MobileSyrup, Mishaal Rahman