පසුගිය දින කීපය තුල OnePlus වෙතින් ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත වෙන OnePlus 9 series එක ගැන විවිධ ආරංචි පල වුනා. ඒ ආරංචි වල සඳහන් වුණ වැදගත් දෙයක් තමා මේ series එක ලබන වසරේ මාර්තු මාසයේ දී නිකුත් වෙනවා කියන දේ. Weibo වලින් පල වුනු වාර්තාවකට අනුව මේ release වෙන්න තියෙන line-up එකට devices තුනක් අයත් වෙනවා. ඒ OnePlus 9, 9 Pro සහ OnePlus 9 Ultra විදිහටයි. ඒත් TechDroider ලා කියන විදිහට devices දෙකයි. Ultra device එක ගැන ඔවුන් තහවුරු කිරීමක් කරන්නෙ නෑ,
There's no Third OnePlus 9 Smartphone. OnePlus 9 and OnePlus 9 Pro Next year Mid-March. That Weibo News is Fake. So no "OnePlus 9 Ultra or Something" as some Speculated.
— TechDroider (@techdroider) November 8, 2020
ඉතින් මේ වාර්තාවට අනුව standard model එකට අයත් වෙන්නේ LE2110, LE2117 සහ LE2119 කියන model numbers. ඒ වගේම Pro model එකට LE2120 සහ LE2127 කියන model numbers අයිති වෙනවා. වැදගත් කාරණයක් තමා මේ model numbers වල පලවෙනි අකුරු දෙකට OnePlus 9 codename එක වෙන ‘Lemonade’ කියන වචනය ගැලපෙනවා කියන දේ. ඒත් මේ ගැන හරියට තහවුරු කරලා නෑ. ඒ වගේම මේ වාර්තාවෙන් පැහැදිලි කරන විදිහට මේ devices දැනට testing අදියරේ තමයි පවතින්නේ.
Below are the Final Model no (Ofcourse there will be more) in Testing Phase right now. Mass Production is yet to begin.
— TechDroider (@techdroider) November 8, 2020
OnePlus 9
LE2110
LE2117
LE2119
OnePlus 9 Pro
LE2120
LE2127
තවත් මේ අතර තවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ devices මාර්තු මස මැදදී නිකුත් කරනු ඇති බවටයි. ඒ වගේම මෙ device එකට Snapdragon 875 SoC chip එකක් එක්ක 144Hz display එකක්, IP68-certified body එකක්, NFC chip එකක් සහ dual stereo speaker system එකක් ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම 65W fast-charging පහසුකම සහ 40W wireless charging support එකක් ලැබෙනවා කියලයි සඳහන් වෙන්නේ.
ඉතින් මෙන්න මේ විදිහටයි OnePlus line-up එක ගැන වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ specifications ගැන හරියාකාර තහවුරු වීමක් සඳහන් වෙන්නේ නෑ. ඒ වගේම Samsung Galaxy S21 device එකත් production එකත් ඇරඹිලා තියෙන නිසා ඉස්සරහට ලොකු තරඟයක් දැකගන්න හැකිවේවි.
Source : Gadgets 360