Loading...
OnePlus 9 ජංගම දුරකතනයේ Model numbers සහ key specifications කිහිපයක් හෙලිවේ

ඔබට මතක ඇති අපි මිට පෙර OnePlus 9 Series එකේ දි අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල ලිපියක් ගෙන ආවා. ඒ වගේම 2021 මාර්තු මාසයට ආසන්න කාලයේ දි නිකුත් විමට ඉඩකඩ ඇති මේ Series එකේ Model Numbers හා Key Specifications පිළිබඳව තොරතුරු නිකුත් වි තිබෙනවා. මේ තොරතුරු නිකුත් කර තිබෙන්නේ TechDroider විසින් වන අතර ඔහු විසින් 9 Series එකේ Devices තුනක Model Numbers නිකුත් කර තිබෙනවා.

  1. OnePlus 9- LE2110
  2. OnePlus 9 Pro- LE2117, LE2119, LE2120.
  3. Mysterious Device- LE2127.

මේ Model Numbers වලට අනුව 9 Pro Device තුනක Variant එකකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ OnePlus 9 විදිහට එක Device එකකුත් 9 Pro විදිහට Devices තුනකුත් සමග 9 Series එකේ මුලු Devices 04 ක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඒ වගේම මේ Model Numbers List එකේ Mysterious Device නමින් Device එකකුත් සදහන් වෙනවා. මේ Mysterious Device එක 9 Series එකේම Device එකක් ද නැතිනම් වෙනම Device එකක් දැයි කිසිදු තොරතුරක් පල වි නැ. හැබැයි අපේ කලින් ලිපියේදිත් අපි සදහන් කරා Mini Version එකක් මේ 9 Series එකේ දි බලාපොරොත්තු වෙන්න පුළුවන් බව. ඉතින් අපිට මේ Mysterious Device එක කියන්නෙත් සමහර විට Mini Version එකක් වෙන්නත් පුළුවන්.

මේ Model Numbersවලට අනුව අපිට “Lemonade” කියල Code Name එකක් බලාගන්න පුළුවන්. ඒ Model Numberවල මුල් අකුරැ දෙකට අනුව. මේ පිළිබඳව Max Jambor විසින් ඔහුගේ Twitter ගිණුමේ දක්වලා තියෙනවා.

ඒ වගේම දැනට නිකුත් වි තොරතුරුවලට අනුව මේ OnePlus 9 Series එක Qualcomm Snapdragon 875 Chipset එක මගින් බලගැන්වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම Centered-punch Hole 144Hz Display Refresh එකක් සහිත AMOLED Display එකක් ද මෙයට ලැබෙනු ඇති.

මිට අමතරව IP68 rating, NFC හා Dual stereo speakers වලින් ද මේ Series එක සමන්විත වෙනවා. ඒ වගේම මේ 9 Series එක සදහා 5G Connectivity මෙන්ම 40W / 65W Wired Fast Charging පහසුකම්ද ලබා දෙනු ඇති.

Sources : Gizmochina