Loading...
OnePlus 9: මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්

පසුගිය දිනක් එළිදැක්වුණ OnePlus 8T සමග OnePlus 8 Series එ⁣කේ නිමාව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ OnePlus Series එක Regular Device එකකින්, Pro Device එකකින් හා T Device එකකින් යුතු වෙනවා. ඉතින් මිලග අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ OnePlus 9 Series එක. ඒ කියන්නේ 2021 වසරේ Flagship OnePlus Device එක.

අපි දැන් බලමු OnePlus සමාගමේ 2021 වසරේ Flagship Device එක වෙන OnePlus 9 Series එක මගින් අපිට මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේම අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල.

1. Mini Version එකක්

OnePlus Fansලා ගොඩක් කල් ඉදන් බලාපොරොත්තු වෙමින් සිටින දෙයක් තමයි ප්‍රමාණයෙන් කුඩා Device එකක්. ඉතින් පසුගිය දිනක නිකුත් වු iPhone 12‌‌ Mini සමග අනිවාර්යයෙන්ම අප OnePlus Mini Device එකක් බලාපොරොත්තු වෙනවා.

OnePlus 8 Regular Device එක හා OnePlus 8 Pro Devices අතර Design එකේ පැහැදිලි වෙන් කර දැකිය හැකි වෙනසක් අපිට දැකිය හැකි නොහැකි වුණා. මේ තුලින් 8Pro Device එකක් වුවත් OnePlus 8 Regular Device එකක් විදිහට අපිට පෙන්න පුළුවන්. ඉතින් අපි හිතනවා OnePlus 9 Regular Device එක Mini Device එකක් විදිහට හෝ Mini හා සාමාන්‍ය Size එකෙන් විදිහට Version දෙකක් ලෙස ලබා දිම තුලින් OnePlus සමාගමට නව පාරිභෝගිකයින් පිරිසක් අතර⁣ට ඔවුන්ගේ නිෂ්පාදන ගෙන යාමට හැකි වෙන බව.

2. Flat Display

OnePlus 7 series එකත් සමග OnePlus සමාගම විසින් Curved Display හදුන්වා දුන් අතර පසුගිය දිනක හදුන්වා දුන් 8T Device එ⁣කේ Display එක Flat Design එකේ Display එකක් වුවා.‌‌මේ වන විට නිකුත් වු iPhone 12 Series එකේදිත් දකින්න ලැබෙන්නේ Flat Design එකක්, ඒ වගේම ඔබට මතක ඇති අපි Samsung Blade Bezel Display Technology එක ගැනත් ලිපියක් ගෙන ආවා. මේ වන විට සැම Smartphone සමාගමක්ම ආපසු Bezel lees Flat Displayවලට යොමු වෙමින් තිබෙන බව කියන්න පුළුවන්. ඒ අනුව මිලග OnePlus Flagship Series එක වෙන OnePlus 9 Series එකේ Displays බොහෝ විට Flat Bezel Less Display විය හැකි බවයි අපේ අදහස වෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නෙත් එයයි. කෙසේ වෙතත් Pro Version එකේ බොහෝ විට Curved Display එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියලත් හිතන්න පුළුවන්.

3.Three Lens Camera Setup

2021 දි අපි OnePlus 9 Series එක තුලින් කැමරා විශාල සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙන්නේ නැ. ඒ වගේම Macro lens එකකුත්. OnePlus 9 Series එකේදි අපි බලාපොරොත්තු වෙනනේ වැඩි Mega Pixel ගණනකින් යුතු Main Lens එකත්, Ultrawide lens එකක් වගේම Telephoto lens එකකුයි. ඒ වගේම Pro Version එකේ දි Periscope Lens එකක් ලබා දෙන්න පුළුවන් නම් එය ඉතා හොද Feature එකක් වන බවත් කිව යුතුයි.

4. In-display selfie camera

OnePlus 9 Series එක මගින් OnePlus සමාගමට හැකියාව තිබෙනවා In-Display Selfie Camera Technology එක Globally Release කරන්න. ඉතින් ඔවුන් මේ අවස්ථාව ලබා ගනි කියල අපි බලාපොරොත්තු වෙන් යුතු වෙනවා.‌‌බොහෝ විට මේ In-Display Selfie Camera Setup එක අපිට බලාපොරොත්තු විය හැකි වන්නේ OnePlus 9 Pro Version එකේ දි පමණයි. ඒ Pro Feature එකක් විදිහට. OnePlus 9 Regular Device එක සාමාන්‍ය Selfie Camera Setup එකක් සහිතව අපිට ලබා ගන්න පුළුවන් වේවි.

5. OnePlus 9 Series එක සදහා Wireless charging හා IP rating ලබා දිම

OnePlus 8 හා 8Pro අතර පැවැති මුලික වෙනස්කමක් විදිහට Wireless Charging Feature එක හා IP Rating එක දක්වන්න පුළුවන්. කෙසේ වෙතත් මිලග වසරේ Smartphone Series එකක් විදිහට අපි OnePlus 9 Series එකේ සැම Device එකකම වගේ Wireless Charging Feature එකත් IP Rating එකත් බලාපොරොත්තු වෙනවා. එ වගේම Pro Version එකේ Wireless Ultra Fast Charging Feature එක ලබා දිම තුලින් Regular Version එකෙන් වෙන කර දැක්විමට පුළුවන්.

6. Internal Storage

මේ වන තුරැම පැවතුනු සැම OnePlus Smartphone එකකම වගේ උපරිම Internal Storage එක වුයේ 256GB ප්‍රමාණයක්. ඒ වගේම OnePlus Devices සදහා Micro SD Card භාවිත කල නොහැකි බවත් ඔබ දන්නා දෙයක් නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම OnePlus 9 Series එකේදි 512GB Variant එක බලාපොරොත්තු වෙනවා. එය අනිවාර්යයෙන්ම OnePlus සමාගම ලබා දිය යුතු බවයි අපේ අදහස වෙන්නේ.

7. Warp Charge 65W

OnePlus 8 ලබා දුන්නේ Warp Charge 30W සමගයි. නමුත් 2021 වසරට ගැලපිමට නම් අවම වශයෙන් Warp Charge 65W Charger එකක්වත් සැම OnePlus 9 Devices එකකම අඩංගු විය යුතු බවයි අපේ මතය වෙන්නේ. ඒ වගේම Pro Version එක සදහා මිට වඩා හොද Fast Charger එකක් ලබා දිමේ හැකියාවත් OnePlus සමාගමට තියෙනවා.