Loading...
බැටරි ආයුකාලය රැක ගැනීමට app වල Performance සීමා කිරීම හේතුවෙන් OnePlus 9 සහ OnePlus 9 Pro GeekBench වලින් ඉවත් කරයි

මෑතකදී Anand Tech විසින් සිදු කල දීර්ඝ හා ගැඹුරු විමර්ශනයක දී, ජනප්‍රිය Apps Run කිරීම සම්බන්ධයෙන් OnePlus 9 සහ 9 Pro දුරකථන සම්බන්ධව කුතුහලය දනවන යමක් ඔවුන්ට සොයා ගැනීමට හැකි වුනි. ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ OnePlus 9 සහ 9 Pro දුරකථන වල Battery Power එක ආරක්ෂා කර ගැනීමේ අරමුණින් OnePlus විසින් ජනප්‍රිය Apps වල Performance එක සිතාමතාම Limit කර ඇති බවයි.

මෙලෙස සිතාමතාම Performance Limit කර ඇති යෙදුම් වන්නේ Microsoft, Google apps, Web browsers සහ Social Media Apps ය. Geekbench විසින් මෙය දකින්නේ මොවුන් විසින් සිතාමතාම සිදුකල වංචාවක් ලෙසයි. එම Smartphones වල CPU එකේ ඇති performance cores වලට Access කිරීම අවහිර කිරීම තුලින් Battery Power එක ආරක්ශා කරගැනීමට මොවුන් විසින් කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.

Geekbench විසින් OnePlus 9 සහ 9 pro එහි දත්ත ගබඩාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ එබැවිනි. Geekbench එක විසින් පවසන්නේ පද්ධති හැසිරීමට වඩා යෙදුම් හඳුනාගැනීම් මත පදනම්ව කාර්ය සාධන තීරණ ගන්නා බවයි. Geekbench විසින් OnePlus සිදුකල මෙම Performance Manipulation එක (කාර්ය සාධන හැසිරවීම) අනෙක් OnePlus උපාංගයන් සඳහාද යොදා ගෙන ඇත්දැයි තවදුරටත් සොයා බලනු ඇත.

පෙර Apple සමාගම විසින්ද මෙවැනිම ආකාරයේ ක්‍රියාවක් සිදුකලා ඔබට මතක ඇති. තම දුරකථන වල Battery Power එක ඉතුරු කර ගැනීම සඳහා iPhones වල CPU Throttling කිරීමක් ඔවුන් විසින් සිදුකලා.

එය නිසාම ඔවුන්ට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක වන්දියක්ද ගෙවීමට සිදු වුණා.

OnePlus විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකල නිල ප්‍රකාශය

“අපගේ ප්‍රමුඛතාවය වන්නේ සෑම විටම අපගේ නිෂ්පාදන සමඟ විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබා දීමයි. එය වැදගත් පරිශීලකයන්ගේ Feedbacks අනුව ඉක්මණින් ක්‍රියා කිරීම මත පදනම් වේ.  මාර්තු මාසයේදී OnePlus 9 සහ 9 Pro දියත් කිරීමෙන් පසුව, සමහර පරිශීලකයින් අපට උපාංගවල බැටරි ආයු කාලය සහ තාප කළමනාකරණය වැඩි දියුණු කළ හැකි අංශ කිහිපයක් ගැන පැවසූහ.  මෙම Feedbacks වල ප්‍රතිඵලයක් ලෙස, Chrome ඇතුළු වඩාත් ජනප්‍රිය Apps බොහොමයක් භාවිතා කරන විට උපාංගයේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා අපගේ R&D කණ්ඩායම පසුගිය මාස කිහිපය තුළ සිටම ක්‍රියා කරමින් සිටියි. App එකේ Processor අවශ්‍යතා වඩාත් සුදුසු බලයෙන් ගැලපීමෙන් මෙය Power Consumption

(බලශක්ති පරිභෝජනය) අඩු කරන අතරම සුමට අත්දැකීමක් ලබා දීමට උපකාරී වේ.  මෙමගින් සමහර BenchMark Apps Run කිරීමේදි උපාංගවල ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි නමුත්, අපගේ අවධානය සැමවිටම අපගේ පරිශීලකයින් සඳහා උපාංගයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා අපට කළ හැකි දේ කිරීමයි. ” යනුවෙන් ඔවුන් පවසා තිබුණි.

Source:- GSM Arena, The Verge, XDA Developers