Loading...
එක්වරක් charge කල පසු පැය 30ක battery life එකක් පවතින OnePlus Buds

පළමු වෙනි වතාවට සිය wireless earbuds launch කරන එක ගැන plans confirm කරාට පස්සේ, OnePlus ලා ඊයේ දිනයේ (ජූලි 14) OnePlus Buds වල key specifications කීපයක් tease කරා. මේ teaser එක ප්‍රාථමික වශයෙන් focus කරේ ඒ earbuds වල design, battery life සහ weight වගේ දේවල්. ඉන් ඔබ්බට ගිහින් OnePlus ලා මේ topics කීපය blog post එකකින් expand කරලත් තියෙනවා.

ඉතින් මෙතන ලොකුම talking point එක වෙලා තියෙන්නෙ මේ earbuds වල battery life එක. පැය 30ක battery life එකක් මේකට තියෙනවා. මෙතනදි Single charge එකකින් පැය 7ක listening time එකක් ලැබිලා ඉතුරු පැය 23 hit වෙන්නේ charging case එකේදී යී. ඉතින් මේ ගැන සන්සන්දනාත්මක විදිහට බලද්දී, Samsung Galaxy Buds+ charging case එක එක්ක පැය 22ක් offer කරනවා.

මේ අතරේ OnePlus CEO වන Pete Lau මහතා OnePlus buds වල weight එක ගැනත් සඳහන් කරා. charging case එක ග්‍රෑම් 36ක බරක් ගද්දී, earbuds වල බර ග්‍රෑම් 4.6ක අගයක් ගන්නවා.

තවදුරටත් මේ ගැන විස්තර කරන ඔහු පවසන්නේ මෙහි reliability එක enhance කිරීමට OnePlus phones සමග ඉතා ගැඹුරින් OnePlus earbuds integrate කරනු ඇති බවයි. මෙය ඔවුන් හඳුන්වන්නේ "Burdenless” user experience එකක් විදිහටයි. ඔහුට අනුව OnePlus phones gaming mode එකේ තියෙද්දී, OnePlus Buds, ultra-low latency mode එකට support කරනු ඇති බවයි.

Design එක ගැන කතා කරද්දී, OnePlus ලා adopt කරගෙන තියෙන්නේ half-in-ear design එකක්, මේක බොහෝදුරට Oppo Enco Free earbuds වලට සමානයි.

“We carefully refined the shape many times to make sure they sit securely in most people’s ears, so you can stay on the move without worrying about them coming loose”                                                                                                                            -Pete Lau, CEO, OnePlus.

OnePlus ලා මේ OnePlus Buds ජූලි 21 වැනිදා announce කරනවා. මේ launch එක සිද්ධ වෙන්නේ ඔවුන්ගේ තවත් hyped midrange device එකක් වෙන OnePlus Nord එකත් එක්ක. ඉතින් මේ device එකේ pricing සහ availability එක ගැන විස්තර දැනගන්න රැඳිල ඉන්න අපි එක්කම.

Source: OnePlus Forums