Loading...
OnePlus හි පළමු Foldable දුරකථනය, OnePlus Open එලිදක්ව​න දිනය පිළිබඳ තොරතුරු වාර්තා වේ

OnePlus ආයතනය විසින් ඔවුන්ගේ ප්‍රථම Foldable දුරකථනය වන OnePlus Open දුරකථනය දියත් කීරීම පිළිබද හරි හැටි තොරතුරක් ලබා දී නොතිබුන ද යම් ප්‍රමාදයකින් පසුව OnePlus Open දුරකථනය දියත් කිරීමේ දිනය සමාජ මාධ්‍ය තුලට leaked වී ඇත. එම නිසාම OnePlus Open හි නිල වශයෙන් දියත් කිරීම පිළිබද අපට තොරතුරු ඉක්මණින් ලබා ගත හැකි බව නොඅනුමානය.

Max Jambor,  X (කලින් twitter)  හි OnePlus Open දියත් කිරීමේ දිනය පිළිබද අනාවරණය කර ඇත. එහිදී ඔහු "OnePlus හි පළමු foldable දුරකථනය ඉතා ඉක්මණින් දියත් කරාවි" යැයි පවසා එම දිනය ඔක්තොම්බර් මස 19 වන දිනය ලෙසද පවසා ඇත. එම දුරකථනය අගෝස්තු මාසයේදී දියත් කිරීමට සියල්ල සූදානම් කර තිබුනද Display panel හි සිදූ වූ දෝෂයක් නිසා එම දියත් කිරීම කල් දැමීමට සිදු විය. නමුත් Max ගේ අනාවරණයෙන් පසුව OnePlus Open දුරකථනය ඉතා ඉක්මණින් පාරිභෝගිකයාට ලබා දීමට OnePlus ආයතනය සූදානම් බවට අනාවැකි පල කල හැකිය.

කෙසේ නමුත් OnePlus ආයතනය විසින් OnePlus Open නිළ වශයෙන් දියත් කරන දිනය තවමත් ප්‍රකාශයට පත් කර නැත. නමුත් පසුගිය වසරේ මෙම දුරකථනය පිළිබද one plus විසින් නිල වශයෙන් ප්‍රකාශ කල අතර එම දුරකථනයේ නාමය මෙම වසරේ ඉතා මෑතකදී සියල්ලන්ම මවිත කරමින් ප්‍රකාශයට පත් කරන්නට විය.

මෙතෙක් ලැබී ඇති තොරතුරු වලට අනුව OnePlus Open දුරකථනය Samsung Galaxy Z Fold 5, Pixel Fold සහ තවත් foldable දුරකථන සමග තරග කිරීමට සූදානම් බවය. එහි primary display හි bezel ප්‍රමාණය අඩු වීමට ඉඩ ඇති අතර එය අගල් 08 ක් පමණ විහිදෙන බව පැවසේ. එසේම පිටත display එක අගල් 6.3 පමණ විය හැකිබව පැවසේ. තවද දුරකථනය තුල signature alert slider එකක් ඇති බවටද මේ වන විට තොරතුරු ලැබී ඇත.

OnePlus Open හි Snapdragon 8 Gen 2 chipset එකක් ද 67W වේගවත් charging සමග 4,800mAh බැටරියක් සහ 16GB දක්වා RAM එකක් මෙන්ම 256GB storage එකක්ද ඇති බව පැවසේ.මෙහි කැමරාවෙහි 48mp ultra wide කාචයක් සහ 64mp telephoto කාචයක් මෙන්ම LiDAR sensor ද ඇති බව පැවසේ.

ඉතින් one plus open පිළිබද ඔබගේ අදහස කුමක්ද ? එය මෙතෙක් ඇති foldable දුරකථන සදහා හොද තරගයක් ලබා දේවිද? රැදී සිටින්න Android වැඩකාරයෝ සමග OnePlus Open හි නවතම තොරතුරු ලබා ගැනීමට මෙන්ම තාක්ෂණික ලෝකයේ නවතම තොරතුරු ඔබ සමීපයට ලගා කර ගැනීමට.

Source: www.androidpolice.com www.androidauthority.com