Loading...
තවමත් නිකුත් නොකල OnePlus Nord 2 ජංගම දුරකතනය පිළිබඳ OnePlus වෙබ් අඩවියේ අත්වැරදීමකින් සඳහන් කරයි

වසර ගණනාවක් තිස්සේ ලොව ප්‍රමුඛතම Flagship Killer ලෙස ප්‍රශංසාවට ලක් වූ OnePlus සමාගම මගින් පසුගිය වසරේදි OnePlus Nord දුරකථනය එළිදැක්වීමත් සමඟ ඔවුන්ට Mid Range Smart Phone Market එකට පිවිසීමට අවස්ථාව ලැබුණි. 5G තාක්ශණය මගින් බලගැන්වුණු මෙම Smartphone එක අලෙවි වූයේ උණු කැවුම් ලෙසය. නමුත් දැන් Xiaomi සහ Moto වැනි සමාගම් වලින් එයට හොඳ තරඟයක් ලබා දී තිබේ.

OnePlus පරිශීලකයන්ට පැන නැගී ඇති ගැටලුව වූයේ One Plus Nord 2 Device එක Launch කරන්නෙ කවදාද යන්නයි? පෙනෙන ආකාරයට Next-Gen (මීළඟ පරම්පරාවේ) OnePlus Nord දුරකථනය Launch කිරීමට ආසන්න බව පෙනේ. මෙය සනාථ වී ඇත්තේ ඔවුන්ගේ වෙබ් අඩවියේ Official FAQ එකේදීය. මෙහිදී ඔවුන්ට අත්වැරදීමකින් Device එකේ නම ප්‍රකාශයට පත් වී තිබේ.

OnePlus සමාගම විසින් මෑතකදී Google හී Cloud Gaming Platform එකක් වන Stadia සමඟ Partnership එකක් ප්‍රකාශයට පත්කලා. එය ජර්මනිය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයේ සුදුසුකම් ලත් OnePlus පරිශීලකයන් සඳහා Google Stadia Premiere සංස්කරණයක් ලෙස නොමිලේ ලබා දෙනු ලබනවා.

OnePlus සමාගම මගින් තම පරිශීලකයන්ට Google සමාගම සමඟ ඇති නව හවුල්කාරීත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා OnePlus හී නිල වෙබ් අඩවියේ FAQ කොටසේ Microsite එකක් නිර්මාණය කර තිබේ. Android Police වෙබ් අඩවියට අනුව OnePlus සමාගමට අත්වැරදීමකින් තවමත් Release නොකල OnePlus Nord 2 දුරකථනයේ නම, අනුලකූල උපාංග ලැයිස්තුවේ සඳහන් කර ඇත.

OnePlus Nord 2 දුරකතනයේ නම සඳහන් කල FAQ page එකේ Screenshot එක

ඔබට පෙනෙන පරිදි, OnePlus විසින් "සහභාගී වන්නේ කෙසේද?" කොටසේ OnePlus Nord 2 යන නාමය සඳහන් කර ඇත. කෙසේ වෙතත් අන්තර්ජාලය හරහා Fansලා විසින් එය සොයා ගෙන වැඩි කලක් යන්නට මත්තෙන් OnePlus සමාගම විසින් එය ඉවත් කරලා තියෙනවා.

ඉතින් මෙයින් අදහස් වන්නෙ OnePlus සමාගම ඉක්මනින්ම OnePlus Nord 2 Launch කිරීමට සූදානම් වන බවයි. නව Stadia Premiere සංස්කරණ ප්‍රවර්ධන වැඩසටහන සැප්තැම්බර් 30 දක්වා අඛණ්ඩව පවතිනු ඇති අතර ඊට පෙර සමාගම මඟින් Nord 2 Device එක වෙලඳපොලට හඳුන්වා දෙන බවක් පෙනේ.

OnePlus Nord 2 Release වන විට, එය MediaTek Chipset එකක් ඇතුළත් කළ පළමු OnePlus Device එක විය හැකි බවට අපි විසින් මීට පෙර වාර්තා කලා මතක ඇති. එයට, දැරිය හැකි මිලකට Flagship-Grade Performance එකක් ලබා දීම සඳහා MediaTek Dimensity 1200 SoC එකක් යොදන බවට වාර්තා වෙනවා.

OnePlus Nord 2 Device එක Launch කරන්න ආසන්න වුනාම අපි ඒ ගැන තව වැඩි විස්තර ගෙනෙන්න උත්සහ කරනවා. ඒ නිසා Android වැඩකාරයොත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ තාක්ශණය සම්බන්ධ වටින ලිපි කියවන්න. යාළුවන්ටත් අපේ Android වැඩකාරයෝ වෙබ් අඩවියට එන්න පාර පෙන්නන්න.

Sources: Android Police, Beebom