ඔබට මතක ඇති පසුගිය ජුලි මාසයේදි පමණ වෙළෙඳපොළට නිකුත් වුණ OnePlus Nord 2 ජංගම දුරකථනයක් පුපරා යාමේ සිදුවිමක් පිළිබඳ අප මීට පෙර තොරතුරු ඔබ වෙත වාර්තා කරනු ලැබුවා. ඒ වගේම ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරුවලට අනුව OnePlus Nord 2 Smartphone එකක Chager එකක් පුපුරා යාමේ සිදු විමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.
ඉන්දියාවේ කේරල (Kerala) නගරයෙන් වාර්තා වෙන මේ සිදු විම සදහා මුහුණ දි තිබෙන්නේ Jimmy Jose නැමති පුද්ගලයෙකුයි. ඔහු විසින් වර්ෂාව පවතිව අවස්ථාවදී ඔහුගේ Oneplus Nord 2 Smartphone එක Charger එකට සම්බන්ධ කර ආරෝපණය වීමට තබා ඇති අතර ඉන්පසු විශාල ශබ්දයක් සමග OnePlus Nord 2 Charging Adapter එක පුපුරා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිපිරීමෙන් ඔහුගේ Smartphone එකට කිසිදු හානියක් සිදු වි නොතිබෙනවා.
I wanted to get this to your immediate attention. My OnePlus Nord 2 warp charger blasted with a huge sound and it blew up the socket. Luckily I'm alive to make this tweet. The Nord 2 is working. but this is scary af. I'm still in shock?@OnePlus_IN @oneplus @OnePlus_Support pic.twitter.com/K3fXCyGzNp
— Jimmy Jose (@TheGlitchhhh) September 25, 2021
මේ සිදු විමෙන් පසුව Oneplus සමාගම විසින් ඔහුට ඔවුන්ගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත පැමිණෙන ලෙස දැනුම්දි තිබෙන අතර එහිදි සිදු කරන ලද පරික්ෂා කිරීම්වලදි නිවසේ සිදු වු වොල්ටියතා උච්චාවචනයන් නිසා මෙලෙස Chager Adapter එක පිපිරිමට ලක්ව ඇති බව ඔවුන් විසින් නිගමනය කර තිබෙනවා.
Oneplus සමාගම විසින් ඔහුට නව Chager එකක් ලබා දි ඇති අතර ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ වොල්ටියතා උච්චාවචනයන් වැනි බාහිර සාධකයන් නිසා මෙලෙස Chagerවලට හානි විමට හැකි බවයි.
Source : Gizmochina, Gadgets 360