Loading...
ලොව පළමු AR launching event එක හරහා OnePlus Nord ජූලි 21 වැනිදා ඉන්දියාවේ දී release වෙයි

මේ වෙනවකොට අපි දැනුවත් කාරණාවක් තමා OnePlus සමාගම Mid range market එකට් එනව කියන දේ. සති ගණනාවක ඉඳන් ම Android වැඩකාරයෝ තුලින් ලිපි කීපයක් ඔස්සේම මේ ගැන විවිධ අවස්ථාවන් වල අපි ඔබට විස්තර ලබාදුන්නා.

මේ චීන තාක්ෂණ දැවැන්තයා දිගුකාලයක ඉදන්ම මේ ගැන විවිධ අවස්ථාවන් වල tease කරනු ලැබුවා. ඉතින් මෑතකදී ඔවුන්ගේ mid-range device එක OnePlus Nord ආකාරයෙන් නම් වල බව නිල වශයෙන් නිවේදනය කලා. මේ වෙද්දි device එකේ design එක සහ specifications company එක විසින් ම officially release කරලා තියෙනවා. කෙසේ එතත් device එක release වෙන දවසක් ගැන විවිධ ගැටලු මතු වෙලා තිබුණත් මේ වෙද්දි ඒ දේවල් සමථයකට පත් වෙලා තියෙනවා කියල හිතන්න පුලුවන්.

ඉතින් මේ release date එක ඉස්සෙල්ලාම spot වෙලා තියෙන්නෙ reliable tech tipster කෙනෙක් වෙන Ishan Agarwal හටයි. Date එක ඉස්සෙල්ලා ම appear වෙලා තියෙන්නේ Amazon India site එකේ. මේ තොරතුර list වෙලා තියෙන්නේ Nord AR launch event එක විදිහටයි. එහිදී reveal වෙලා තියෙන්නේ July 21 වැනිදා ඉන්දියාවේ දී release වනු ඇති බවටයි.

OnePlus Nord AR launch event

ඔව්, ඔයා ඒක කියෙව්වා හරි. OnePlus ලා ඔවුන්ගේ අලුත් device එකෙන් පමණක් නොවෙයි, launching event එකට පවා අලුත් feature එකක් add කරලා තියෙනවා. OnePlus සමගමට ප්‍රකාශ කරන්නේ මෙය ලොව ප්‍රථම augmented reality base උන launching event එක බවයි. ඉතින් ඔයාට පුලුවන් ගෙදරදීම මේ event එක නරඹන්න. ඉතින් උඩ තියෙන invite එකට අනුව කියල තියෙන්නේ “Made to be experienced 21st of July.” කියලයි.

ඉතින් මේ event එකට join වෙන්න තියෙන්නෙ QR code එකක් scan කිරීම මගින් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් තවම release වෙලා නෑ.

ඒ වගේම මේකෙ limited edition physical invites ලබන අයට OnePlus Q1 TV, OnePlus Nord, Bullets Wireless Z, gift cards වගේ prices win කිරීමේ chances පවා ලැබෙනවා. ඉතින් මේ වෙනුවෙන් වෙනමම dedicate උන web page එකකුත් මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා.

ඒ වගේම OnePlus ලා OnePlus Nord ගැන තවත් hype up කරන්න Instagram වල official box එකේ first look images share කරලා තියෙනවා.

ඉතින් OnePlus Nord එන්නේ 90Hz AMOLED display එකකින්, වම් කෙලවරෙන් dual-camera punch-hole එකක්, triple rear camera එකක් මේකට තියෙනවා. ඊට අමතරව Snapdragon 765G chipset එක සහ Warp Charging 30W කියන features වැදගත් තැනක් ගන්නවා.

ඉතින් මේ ගැන ඔයාගෙ අදහස් මොනවාද? කතා කරමු comment section එකේ