Loading...
OnePlus පවුලේ අලුත්ම Mid-Range වැඩකාරයා, OnePlus Nord නිකුත් වෙයි

OnePlus සමාගමේ අලුත්ම Mid-Range Device එක වෙන OnePlus Nord දුරකථනය පසුගිය 21 වෙනිදා පැවතුන ඔවුන්ගේ AR Event එක හරහා එලි දැක්වුනා.

ඒ වගේම කියන්න ඔනේ Mid-Range Device එකක් වෙන මේකටත් Flagship Features කිපයක් එකතු කරන්න OnePlus සමාගම කටයුතු කරල තියෙනවා.

OnePlus Nord  දුරකතනය Blue Marble & Gray Onyx Colourවලින් අපිට මිලදි ගැනිමට ඉදිරියේදි හැකියාව ලැබෙයි.

Blue Marble & Gray Onyx

OnePlus Nord එකේ Office Introduction Video එක

අපි දැන් එකින් එක බලමු මේ දුරකථනයේ Spec හා Features

BODY

මේක 184g බරක් එක්ක  158.3mm දිගකින්, 73.3mm පලලකින් හා 8.2mm ඝනකමකින් යුතුව අපිට මේ දුරකථනය බලා ගන්න පුලුවන්. Buttons විදහට අපිට දුරකථනයේ වම් පැත්තට Volume key එකද දකුනු පසින් Power key හා Alert slider ලබා දිලා තියෙනවා

ඒ වගේම USB 2.0 Type-C Port එකක් හා Dual Nano-SIM slot එකකින් සමන්විත වෙනවා.

DISPLAY

මේකේ Display Type එක වෙන්නේ Fluid AMOLED  Capacitive Touchscreen එකක්.

Display Size එක 6.44 Inches (16.36 centimeters) ද 2400×1080 pixels 408ppi 20:9 Resolution එකකින් ද සමන්විත වෙනවා.

ඒ වගේම Corning Gorilla® Glass 5 එකක් හා 90Hz Refresh Rate එකක් සහිත Display එකකින්ද සමන්විත වෙනවා.

PLATFORM

Os එක වෙන්නේ OxygenOS 10.5 සංස්කරණය මත පදනම් වු Android 10.CPU එක විදිහQualcomm® Snapdragon™ 765G Processor එක මගින් බල ගැන්වෙන අතර Adreno 620 GPU එකින් සමන්විත වෙනවා.

එමෙන්ම LPDDR4X RAM එක හා UFS 2.1 storage එක නිසා Fast & smooth User experience එකක් ගන්න පුලුවන් වෙයි.

OnePlus ගැන දන්න අය දන්නවනේ මේ Brand එකෙන් අපිට Pure Clean Android Experience එකක් ගන්න පුලුවන් කියල.ඒ සමග පැමිණෙන OxygenOS එක සමඟින් අපිට හොද User experience එකක් ලබා දෙන්න මේකත් සමත් වෙයි.

එවගේම Nord දුරකථනය සඳහා වසර දෙකක් දක්වා software updates හා වසර තුනක් දක්වා security updates ලබාදෙන බවට OnePlus සමාගම සදහන් කර තිබෙනවා.

MEMORY

මෙකේ Storage එක විදිහට 64GB/128GB/256GB UFS2.1 අපිට ලබා දෙන්න ඔවුන් කටයුතු කරල තියෙනවා.

ඒ වගේම RAM ධාරිතා විදිහට 6GB/8GB/12GB LPDDR4X අපිට බලා ගන්න පුලුවන්.

MAIN CAMERA

Camera Module එක ගැන බලද්දි කියන්න ඔ⁣නේ Oneplus සමාගම මේ Camera Setup එක ගැන ගොඩක් විශ්වාසයෙන් ඉන්න බව.

මේකේ Primary Camera එක විදිහට Oneplus 8 දුරකථනයට පාවච්චි කරපු 48MP Sony IMX856 Sensor එක Aperture  f/1.75 එකක් එක්ක බලා ගන්න පුලුවන්.

ඒ වගේම මේකේ තියෙන 4 Cameras Setup එකේ අනිත් lenses විදිහට f/2.25 Aperture එකක් සමග එන 8MP Ultra wide angle lens එකත්, f/2.4 Aperture එකක් සමග එන 5MP Depth lens එකත්,  f/2.4 Aperture එකකින් එන 2MP Macro lens එකත් අපිට බලා ගන්න පුලුවන්.

ඒ වගේම මේ Rear camera Setup එකේ Ultra Wide angel lens එක මගින් 119° Field of View එකක් සමගින් ඉතා විශාල Wide photo එකක් ගැනිමට හැකි වෙනවා.ඒ වගේම මේකේ තියෙන Optical Image stabilization (OIS) මගින් අපිට හොද Blur හා Shakiness Photo එකක් ගන්න පුලුවන්.

ඒ වගේම Rear Camera එකේ Video Recoding ගැන බලද්දි 1080P Video 30/60 fps හා 4K Recoding 30 fps Formatවලින් සිදු කල හැකියි. Super Slow Motion Video 1080P 240 fps Formatවලින් ද Time-Lapse Video 1080P හා 4K 30 fps Format එකෙන්ද Record කරන්න පුලුවන්.

ඒ වගේම Dual LED Flash එකක් සමගින් Autofocus & Multi Autofocus (PDAF+CAF) මගින් අපිට photo & Video Shoot කරන්න පුලුවන්.

Rear Camera Features  විදිහට CINE aspect ratio video recording, UltraShot HDR, Nightscape, Super macro, Portrait, Pro mode, Panorama, AI scene detection, RAW image, Filters, Quick share ,Video enhancer, Reading mode, Night mode ලබා දිලා තියෙනවා.

SELFIE CAMERA

මේකේ අපිට Dual Sensor Camera Setup එකක් බලා ගන්න පුලුවන්. මේ සදහා 32MP Sony IMX616 Lens එකක් හා 8MP Ultra Wide Angle Lens එකක් භාවිතා කරලා තියෙනවා. 32MP lens එක ගැන කියනව නම් මේකේ Pixel Size එක 0.8 µm/32M ප්‍රමාණයේ වෙනවා. f/2.45 Aperture එකකින්ද සමන්විත වෙනවා. 8MP Wide angel lens එකේ Field of View එක 105° පමණ වෙනවා. ඒ වගේම මෙහි f/2.45 Aperture එකකින් සමන්විත වෙනවා.

Front Camera Setup එකේදි අපිට 4K video at 30/60 fps හා 1080P video at 30/60 fps වගේම Time-Lapse පහසුකම ලබා දිලා තියෙනවා. මෙහි Features විදිහට Face unlock, HDR, Screen flash, Face retouching, Filters, Ultra wide selfie හදුන්වා දෙන්න පුලුවන්.

SOUND

Super linear speakers Setup එකක් එක්ක Noise cancellation පහසුකම ලබා දිලා තියෙනවා. ඒ වගේම 3.5mm Jack එක මේකේදිත් අපිට බලා ගන්න පුලුවන් කමක් ලැබෙන්නේ නැ. ඒ වෙනුවට අපිට Earphone පහසුකම ලබා ගැනිමට Type-C earphone එකක් භාවිතා කිරිමට වෙනවා.

BATTERY

4115 mAh (non-removable) බැරියක් සමග‌‌Warp Charge 30T fast charging (5V/6A) පහසුකම ලබා දිලා තියෙනවා. ඒ වගේම 70% දක්වා මිනිත්තු 30 ඇතුලත Charge කරන්න පුලුවන් කියලත් ඔවුන් කියනවා.‌

හැබැයි Wireless Charging පහසුකම නම් අන්තර්ගත වෙන්නේ නැ.

FEATURES

මේකෙදිත් අපිට In-display fingerprint sensor එකක් බලා ගන්න පුලුවන් වෙනවා.‌‌ Sensors විදිහට අපිට Accelerometer, Electronic compass, Gyroscope, Ambient light sensor, Proximity sensor, Sensor Core බලා ගන්න පුලුවන්.

ඒ වගේම මේ දුරකථනය 5G Support කරනවා.

ඒ වගේම NFC පහසුකම්ත් ලබා දිලා තියෙනවා.

OnePlus Nord  දුරකථනයේ මිල ගණන් සලකා බැලිමේ දි මෙය යුරෝපයට, එක්සත් රාජධානියට හා ඉන්දියාව සදහා මිල ගණන් තුනක් යටතේ නිකුත් කරන්න කටයුතු කරලා තියෙනවා. ‌‌ඒ වගේම ඉන්දියාවට පමණක් විශේෂ 6GB + 64GB Device එකක් නිකුත් වනු ඇත.

යුරෝපයට‌‌
8GB + 128GB = යුරෝ 399‌‌
12GB + 256GB = යුරෝ 499

එක්සත් රාජධානියට
8GB + 128GB = පවුම් 379‌‌
12GB + 256GB = පවුම් 469

ඉන්දියාව සඳහා‌‌
6GB + 64GB = ඉන්දියානු රුපියල් 24,999
‌‌8GB + 128GB = ඉන්දියානු රැපියල් 27,999
12GB + 256GB = ඉන්දියානු රැපියල් 29,999

ඒ වගේම මේ OnePlus Brand එකේ නිෂ්පාදකයා වෙන්නේ OnePlus සමාගමයි.