Loading...
OnePlus සමාගම විසින් ඔවුන්ගේ නවතම ජංගම දුරකතන දෙක වන Nord N10 සහ N100 එලිදැක්වීමට කටයුතු කරයි

OnePlus සමාගම විසින් මේ වන විට Budget Device නිපදවිමට යොමු වි තිබෙනවා. ඒ අනුව OnePlus සමාගමේ නවතම Nord N10 හා Nord N100 කියන්නේ OnePlus සමාගම විසින් මෙතෙක් එළිදැක්වන ලද මිල අඩුම Devices විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම OnePlus සමාගමෙන් බලාපොරොත්තු නොවුන Features මේ Smartphones වලට එකතු කර තිබෙනවා. මේ Devices දෙකටම 3.5mm Audio Jack එක හා Micro SD Slot එකක් ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම මේ Smartphone දෙකේම Rear-mounted fingerprint sensors එකක් දකින්න පුළුවන්. මේ හේතුන් නිසා OnePlus N10 හා N100 Devices දෙක අතිශය ජනප්‍රිය වෙන බව නිසකයි.

OnePlus Nord N100

‌‌N100 කියන්නේ මේ Devices දෙකෙන් Budget Device එක කිවොත් නිවරදියි. මෙය අගල් 6.52ක HD+ Resolution එකෙන් යුතු 60Hz Display එකකින් සමන්විත වෙනවා. මෙය බලගැන්වෙනනේ Qualcomm Snapdragon 460 chipset එක මගින්. ඒ වගේම මෙහි RAM එක 4GB වන අතර Internal Storage එක 64GB ප්‍රමාණයෙන් යුතු වෙනවා. ඒ වගේය Micro SD Card එකක් ඇතුලත් කර Storage එක වැඩිකර ගත හැකි වෙනවා. මෙහි OS එක වෙන්නේ OxygenOS මත පදනම් වු Android 10.

මෙහි Setup එක Triple Camera Setup එකකින් යුතු වෙනවා. Main Lens එක 13MP වන අතර 2MP Bokeh Lens එකකින් හා 2MP Macro lens එකකින් යුතු වෙනවා. Selfie Camera එක 13MP lens එකකින් යුතු වෙනවා.

Nord N100 හි Battery Capacity එක 5000mAh පමණ වෙනවා. ඒ වගේම 18W Wired Fast Charging Feature එකෙනුත් යුතු වෙනවා. මෙය 4G සදහා පමණක් සහය දක්වන අතර Midnight Frost color option එකෙන් ලබා ගත හැකියි.

OnePlus Nord N10‌‌

Nord N10 අගල් 6.49ක FullHD+ Resolution එකෙන් යුතුව 90Hz Display Refresh Rate එකෙන් යුතු වෙනවා. මෙය Snapdragon 690 processor එකෙන් බලගැන්වෙන අතර 6GB RAM එකකින් සමන්විත වෙනවා. 128GB Internal Storage එකකින් සමන්විත වෙන අතර Micro SD මගින් 512GB දක්වා ඉහල දැමිය හැකියි.

Main Camera එක Quad-camera setup එකකින් යුතු වන අතර එහි Main lens එක 64MP වෙනවා. 12MP Ultra-wide lens එකක්, 2MP Macro lens එකක් හා 2MP Monochrome lens එකකින් සමන්විත වෙනවා. Selfie Camera එක සදහා 16MP Sensor එකක් යොදා තිබෙනවා.

N10 4300mAh Battery Capacity එකකින් යුතු ⁣වන අතර Warp 30W wired Fast charging Technology එක සහිත වෙනවා. ඒ වගේම මිට නවතම 5G Connectivity එකෙන් යුක්ත වෙනවා. මෙය Midnight Ice color option එකෙන් ලබා ගත හැකියි.

මේ Smartphone දෙකම Dual-SIM හෝ Single SIM Model වලින් ඒ ඒ වෙළදපොලට අනුව නිකුත් කිරිමට OnePlus සමාගම සුදානමින් ඉන්නවා. ඒ වගේම මේ Smartphone දෙකම පළමුවෙන්ම යුරෝපය හා එක්සත් රාජධානිය සදහා නිකුත් විමට නියමිතයි.

OnePlus Nord N10 ඩොලර් 429කට ආසන්න මිලකටත්, N100 ඩොලර් 233කට ආසන්න මිලකටත් ලබා ගත හැකියි. කෙසේ වෙතත් තවමත් මේ Devices දෙකම නිල වශයෙන් නිකුත් වෙන දිනක් OnePlus සමාගම විසින් ප්‍රකාශ කර නෑ.

Sources : Gizmochina