Loading...
POCO සන්නාම නාමය යටතේ නිකුත් වන නවතම POCO M3 ජංගම දුරකතනය එලි දැක්වීමට කටයුතු කරයි

Poco brand එකේ අලුත්ම smartphone එක වෙන Poco M3 එක අද (24) globally launch කලා. මේ ජංගම දුරකතනය budget device එකක්.

Poco M3 ජංගම දුරකතනයට ලැබෙන්නේ dot drop notch එකකින් යුතු 90.34%ක Screen to body ratio එකක් තියෙන 6.53-inch FHD+ LCD screen එකක්. ඒවගේම gorilla glass 3 protection එක තියෙනවා. Plastic back එකක් සහ plastic frame එකකින් යුතු Poco M3 එකේ design එක නම් OnePlus 8T cyberpunk 2077 Edition එකේ design එකට සමානයි.

Poco M3 බලගැන්වෙන්නෙ Qualcomm SD662 (11nm) chipset එකෙන්. Poco එකෙන් කියන විදිහට SD662 chipset එක SD665ට වඩා performance වලින් ඉස්සරහින් ඉන්නවා. ඒවගේම මේ ජංගම දුරකතනයට 4GB LPDDR4X Ram එකක් සහ 64GB හෝ 128GB USF 2.2 storage එකක් ලබා දීලා තියෙනවා. මේ storage එක අපිට අවශ්‍ය නම් 512GB දක්වා microSD card එකක් භාවිතා කරලා expand කරගන්නත් පුලුවන්. Android 10 based MiUi 12 සහ Poco launcher එක මේකෙදි බලාගන්න පුලුවන්.

Poco M3 දුරකතනයේ Camera setup එක ගත්තොත් 48mp f/1.79 main camera එකක්, 2mp f/2.4 macro සහ depth camera දෙකකුත් විදිහට triple camera setup එකක් තමයි එන්නෙ. සාමන්‍යයෙන් midrange device වලත් එන ultra wide camera එකක් අපිට මේකෙදි බලාගන්න හම්බවෙන්නේ නම් නෑ. Personally මම නම් 2mp macro/depth camera එවනවට කැමති නෑ. ඒ වගේම මේ ජංගම දුරකතනයේ 8mp selfie camera එකකුත් බලාගන්න පුලුවන්.

මෙම ජංගම දුරකතනය සතුව 6000mAh වගේ ලොකු ධාරිතාවාකින් යුතු Battery එකක් එනවා. 18W වෙනකන් fast charging support ක‍රන ජංගම දුරකතනයක් විදිහට ඔවුන් සඳහන් කරලා තියෙනවා.

ඒවගේම Poco M3 දුරකතනය සමඟ dual speakers (budget device එකකට dual speakers එවන එක නම් හොදයි), side mounted fingerprint එකක්, triple slot design එකක් (dual sim slot + MicroSD slot), Xiaomi ලගෙ සුපුරුදු IR blaster එක, 3.5mm headphone jack, USB type c port එක වගේ දේවල් බලාගන්න පුලුවන්.

Poco yellow, cool blue, power black කියන colors තුනෙන් 27 වෙනිද ඉදන් Poco M3 එක මිලදී ගන්න පුලුවන් මෙම ජංගම දුරකතනයේ මිල ගත්තොත් 4GB + 64GB මාදිලිය $149කටත්, 4GB + 128GB මාදිලිය $169කටත් මිලදී ගන්න පුලුවන්. Black Friday එකෙන් 64GB මාදිලිය එක $129කටත් 128GB මාදිලිය $149කටත් මිලදී ගන්න පුලුවන්.