Loading...
Poco M3 දුරකතනයේ design එක OnePlus 8T Cyberpunk Edition එකට සමාන බව leaks හරහා හෙලි වේ

Xiaomi සමාගමේ නවතම POCO M3 ජංගම දුරකතනය එළඹෙන නොවැම්බර් 24 වන දින එලිදක්වන බවට අපි තොරතුරු ඔබ වෙත ගෙන ආවා. තවමත් නිල වශයෙන් මේ POCO M3 Smartphone එක පිළිබඳව තොරතුරු නිකුත් වි නැතත් මේ වන විට මේ Smartphone එකේ Design එක හා Key specifications ගැන තොරතුරු පල වෙමින් තිබෙනවා. POCO M3 කියනනේ POCO M Series එකේ නවතම සාමාජිකයා වෙනවා.

දැනට පළ වි තිබෙන තොරතුරුවලට අනුව මේ POCO M3 Smartphone එක OnePlus Limited Edition එකක් වුණ OnePlus 8T Cyberpunk Edition එකේ Design එකට යම් සමානකමක් දක්වනවා. මේ M3 Smartphone එකේ Camera Module එක මේ Device එකේ Rear panel එක පුරාම පැතිරි පවතිනවා.

POCO M3 Smartphone එකේ අගල් 6.53ක  Full-HD+ Waterdrop notch එකක් සහිත Display එකක් බලාගන්න පුළුවන්. මෙහි Display Refresh Rate එක 60HZ පමණ වෙනවා. ඒ වගේම මෙහි Side-Mounted Fingerprint Sensor එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙය Power Button එක සමග එක් කර තිබෙනවා.

⁣POCO M3 Smartphone එක Triple Rear Camera Setup එකකින් සමන්විත වෙනවා. මෙහි Primary Sensor එක 48MP වෙන අතර අනෙක් Sensors විදිහට Ultra-wide හා Macro Sensor දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ M3 Smartphone එක බලගැන්වෙන්නේ Gaming-centric Helio G-series chipset එකකින්. මේ සමග අපිට 4GB RAM එකක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම 6,000mAh Battery Capacity එකක් සමග 18W Fast Charging Feature එකත් ලබා දි තිබෙනවා.

මේ Poco M3 Smartphone එකේ Rebadged version එකක් විදිහට Redmi Note 10 4G Smartphone එක චිනය සදහා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙය අපිට Black, Yellow හා Blue විදිහට Color Variants තුනකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Beebom, 91Mobiles