Loading...
Xiaomi සමාගම තම නවතම POCO M3 ජංගම දුරකතනය එළඹෙන නොවැම්බර් 24 වන දින එලිදක්වන බව තහවුරු කරයි

Xiaomi සමාගමේ POCO Phone Brand එක යටතේ නිකුත් වෙන නවතම Smartphone එක වෙන POCO M3 Smartphone එක නොවැම්බර් 24 දින එළිදැක්වීමට සුදානම් බව ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ සදහන් කර තිබෙනවා.

දැනට තිබෙන Leaks වලට අනුව POCO M3 Smartphone එක Qualcomm Snapdragon 662 chipset එකෙන් බලගැන්වෙන අතර 4GB RAM එකක් හා 64GB Internal Storage එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ M3 Device එක අගල් 6.53ක FHD IPS LCD Display එකකින් යුතු වෙනවා. මේ Display එකේ Dew-drop notch එකක් බලාගන්න පුළුවන්. මෙහි Selfie Camera Setup එක විදිහට 8MP Lens එකකුත් Rear Camera Setup එක විදිහට 48MP Primary lens එකක් සහිත Triple Lens Camera Setup එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

6,000mAh Battery එකකින් සමන්විත වෙන අතර මෙය 22.5W Fast Charging Technology එකට Support කරනවා. මෙය Android 10 OS එක සහිතව වෙළදපොලට නිකුත් කිරිමට නියමිතයි.

Sources : Gizmochina