Loading...
ශ්‍රී ලංකාවට RCS පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරයි

RCS; එහෙමත් නැතිනම් Rich Communication Services තමයි මේ protocol එක. මේ ගැන මුලින්ම කතාබහ ඇති වෙන්නේ 2007 දී වුනත් මේක හරි standard එකක් වෙන්නේ 2016 දී. ඔව්, හරිම හෙමින් තමයි මේ තාක්ෂණය වර්ධනය වෙන්නේ.

RCS මගින් ඔබට hi-quality photos, videos, GIFs සහ text, Wi-Fi හරහා මෙන්ම Mobile Data හරහාද හුවමාරු කරගන්න පුළුවන්. Message එක ලබන අයට ඒක ලැබුනද, කියෙව්වද වගේ අපි දැනට භාවිතා කරන Internet Messaging සේවාවල තියන features ද මේ අලුත් SMS protocol එක මගින් ලබා දෙනවා.

මෙම RCS පහසුකම මීට පෙර නිකුත් කිරීමට Google සමාගමට දුරකතන සේවා සපයන්නන්ගේ සහය අවශ්‍ය වුවත් මෑතකදී Google සමාගම විසින් එක්සත් ජනපදය තුලදී කිසිඳු ජංගම දුරකතන සේවා සපයනෙකුගේ සහයක් නොමැතිව RCS පහසුකම ලබා දීමට සමත් වුනා. මේ අත්දැකීම උපයෝගී කරගෙන ඔවුන් විසින් RCS පහසුකම ගෝලීය වශයෙන් නිකුත් කිරීම ආරම්භ කරා. මෙහි ප්‍රතිඵලයක් ලෙසට යුරෝපානු රටවල විශාල පිරිස විසින් ඔවුන් හට RCS පහසුකම Google Messages app එක හරහා ලැබුනු බව ප්‍රකාශ කර තිබුනා.

මෑතකදී ශ්‍රී ලංකාවේ Android දුරකතන භාවිතා කරන්නන් විසින්ද ඔවුන්ට Google Message app එකේ Chat feature එක enable වුන බව ප්‍රකාශ කරමින් සමාජ ජාල වල ප්‍රකාශ කර තිබුණා.මේ පිළිබඳව සොයා බැලීමේදී සනාත කර ගැනීමට හැකි වූයේ, Google සමාගම ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 6කට මෙම පහසුකම අළුතෙන් ලබා දී ඇති බවයි.

ඒ අනුව පහතින් දැක්වෙන රටවල් වලට Google සමාගම විසින් RCS පහසුකම නිකුත් කර ඇති අතර Bold කර ඇති රටවල් කිහිපය මෙම ලැයිස්තුවට අළුතෙන් ඇතුල් වී රටවල් 6යි.

  • Argentina
  • Belgium
  • Croatia
  • Czech Republic
  • Denmark
  • Greece
  • Italy
  • Ireland
  • Kosovo
  • Lithuania
  • Netherlands
  • Pakistan
  • Poland
  • Portugal
  • Serbia
  • Singapore
  • Slovenia
  • Turkey
  • Austria
  • Bangladesh
  • Israel
  • New Zealand
  • Sri Lanka
  • Switzerland

මීට පෙර RCS පහසුකම ලබා දීමට නොහැකි වූයේ ජංගම දුරකතන ජාල වලින් සහය නොදැක්වීම හේතුවෙන් වුවත් Google සමාගමේ නව ක්‍රම වේදයට අනුව ඔවුන් විසින් දුරකතන ජාල වලින් RCS සඳහා අදාල සහය ක්‍රියාත්මක කිරීමකින් තොරව වුවද මෙම පහසුකම ලබාදීමේ හැකියාව ඇති නිසා මුළු ලෝකයේ සෑම රටකටම මෙම පහසුකම ලබා දීමට Google සමාගම කටයුතු කරන අතර, මේ වන විට ලංකාවට ලබා දුන්නත් සියළුම දෙනාට මෙම පහසුකම ලැබී නොමැත. Quota වශයෙන් RCS සහය ලබා දීම සිදු කරන බැවින් නුදුරේදීම ඔබගේ ජංගම දුරකතනයටද මෙම පහසුකම ලැබේවී.

Source: Android Police