Realme යනු Oppo සමාඟමේ උප වෙළඳනාමයක් නොහොත් sub-brand එකක් බව සියළු දෙනා දන්නා කරුණකි. එම උප වෙළඳනාමයේත් තවත් උප වෙළඳනාමයක් හදුන්වාදීම වෙනස්ම ආකාරයේ පුවතකි.
මම නව Dizo නම් වෙළඳනාමය Smart Home, Smart Entertainment උපාංග නිපදවීමේදී භාවිතා වීමට නියමිතයි.
Oppo සමාඟම විසින් හඳුන්වාදුන් Realme නම් වෙළඳ නාමය සහිත උපාංග ඉක්මනින් ජනප්‍රියත්වයට පත් වූ අතර, මේ වන විට එහි මව් සමාඟම වන Oppo සමාඟමෙන් බොහෝදුරට ස්වාධීන වී, වෙනම සමාඟමක් ලෙස ක්‍රියා කිරීම අරඹා ඇත. නමුත් තවමත් Realme යනු Oppo යටතේ ඇති සමාඟමක් වේ.
Hello, we are DIZO!
— DIZO (@DIZOTech) May 25, 2021
Being the first brand under @realmeTechLife and with support from @realmeIndia, we know we’re in for a long ride.
Are you ready to come aboard? #DIZO #realmeTechLife #BeDifferent pic.twitter.com/ge8xlO4yv9
මෙම Dizo නම් උප වෙළඳනාමය ඇතුළත් වන්නේ Realme Techlife ලෙස හැදින්වෙන ecosystem එකටයි. මෙම ecosystem එකට Smart TV (ස්මාට් ටීවී), Smart Security Cameras (ස්මාට් ආරක්ෂිත කැමරා) වල සිට Wireless Earbuds, ඉලෙක්ට්‍රික් දත් බුරුසු දක්වා විහිදෙන විශාල පරාසයකින් යුක්ත වේ. දුරකථන වෙළඳ නාමයක් ලෙස ඇරඹි Realme නාමය මේ වන විට ඉතා විශාල පරාසයක පැතිර ඇති බව මෙම කරුණු වලින් ඔබට පෙනී යනු ඇත.
Dizo වෙළඳ නාමය සහිත උපාංගයක් එළිදැක්වීම ගැන තවමත් සඳහනක් නොමැති නමුත් බොහෝවිට එම පළමු උපාංගය Bluetooth earphones විය හැකි බව මත පලවී ඇත. ඒ කෙසේ නමුත්, මෙම උප වෙළඳ නාමය අප්‍රිකාව, ආසියාව, යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව ආදී ලොව පුරා වෙළඳපල වෙත නිකුත් වනු ඇත. Dizo වෙළද නාමය සහිත උපාංග සඳහා සේවා සපයන මධ්‍යස්ථාන 320ක ප්‍රමාණයක් ඉන්දියාවේ නඟර 320ක් පුරා දැනටමත් පිහිටුවා ඇතැයි සඳහන් වේ.
Dizo යනු Realme නම වෙනුවට භාවිතා වන තවත් නමක් ලෙස නොවී, වෙළඳපලේ යම් ගුණාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි පාරිභෝගිකයන් වශයෙන් අප බලාපොරොත්තු වන්නෙමු.
Source - Android Authority, Gadgets Now