X50m 5G , X50 සහ X50 Pro ලෙස ජංගම දුරකථන ත්‍රිත්වයක් අප්‍රේල් මස 23 වැනි දින Realme සමාගම විසින් නිකුත් කරන ලදි. මෙහිදි බොහො දෙනෙකුගේ අවදානට ලක් වූයේ Realme X50m 5G යනුවෙන් හදුන්වන ජංගම දුරකථනයටයි.
Display
X50m 5G හි අගල් 6.57 ක 120Hz LCD FullHD+ resolution ඇති IPS LCD Display එකකින්ද සමන් විත වේ. 120Hz refresh rate එකක් ඇති බව සිත් ඇද ගන්නා කරුණකි.
Camera
MAIN CAMERA
Realme 6 දුරකථනය සිහිපත් කර මින් Realme X50m 5G හි පිටුපස කැමරාව 48MP main, 8MP ultrawide , 2MP macro සහ 2MP portrait කැමරා අංග වලින් සමන්විත quad camera ලෙස සැකසා ඇත. LED flash, HDR, panorama වැනි Features ද මෙහි අඩංගු වේ. 2160p@30fps, 1080p@30/60fps යන ආකාර වලින් Video පටිගත කිරිමටද අවස්ථාව හිමි වේ.
SELFIE CAMERA
16 MP, f/2.0 (wide) සහ 2 MP, f/2.4, (depth) කැමරා දෙකකින් සමන් විත වු Dual Camara Step එකකින්ද මෙය සමන් විත වේ. Display එකෙහි එහෙමත් නොමැතිනම් punch hole Display එකේ මෙම කැමරා දෙකම පිහිටා තිබේ.
Chipset, RAM, Performance, Storage
X50m 5G දුරකථකය බල ගැන්වෙන්නේ Snapdragon 765G SoC යන CPU එකෙනි. 6GB/128GB සහ 8GB/128GB ලෙස මෙම දුරකථනය මිලදි ගැනිමේ හැකියාව ඇත. මෙම දුරකථනයේ ඇති අනෙක් විශේෂතා අතර side-mounted fingerprint scanner, Liquid Copper Tube Cooling 3.0 සහ වඩාත් හොද ශ්‍රව්‍ය අත්දැකීමක් සඳහා Dolby Sound තාක්ෂණදය මෙම දුරකථනයේ අන්තර්ගත වේ. කෙසේ වෙතත් X50m 5G හි 3.5mm headphone jack එක නොමැත.
Operating System
මෙම smartphone එක Android 10 පාදක කරගෙන සදා ඇති Realme UI OS එක ක්‍රියාත්මක වේ. realme ui එක පිළිබද වැඩි දුර විස්තර ඉහත ඇති Video ව මගින් ඔබට දැන ගැනිමය හැකි වේ.
මිල ගණන්
මෙම Realme X50m 5G 8GB RAM සහිත දුරකථනය (~ $ 324) CNY 2.299 වැනි මුදලකට මිල තිරණය කර ඇති අතර. 6gb RAM සහිත දුරකථනය සඳහා CNY 1,999 (~ $ 282) වැනි මිලකට විකිණිමට තිරණය කර ඇත. මෙම දුරකථනය Galaxy White සහ Starry Blue යන වර්ණ දෙකෙන් අපේ‍්‍රල් 29 වනදා සිට චීනයේ විකිණීමට නියමිතව ඇත. මේ වෙන විට වෙනත් රටවල් සදහා මෙම දුරකථනය නිකුත් කරන දින පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැත.
News Source - Xda-developers , Gsmarena