ගෙවි යන මේ වසර තුල ජංගම දුරකථන පුපරා යාම් හා ගිනි ගැනිම් රැසක් වාර්තා විම සිදු වුවා. වසර අවසාන විමට පෙර ඉන්දියාවෙන් තවත් එක ජංගම දුරකථන පිපිරිමක් වාර්තා වෙනු ලබනවා. ඒ Realme සමාගමේ ජංගම දුරකථනයකුයි.
මෙලෙස පුපුරා යාමට ලක්ව ඇත්තේ Realme XT ජංගම දුරකථනයක් වෙන අතර භාවිත කරමින් සිටින අතර තුර මෙය පිපිරිමට ලක් වි තිබෙනවා. කෙසේ වෙතත් පිපිරිමෙන් කිසිවෙකුට හානියක් සිදු වි නොමැති අතර ජංගම දුරකථනයට දැඩි හානි සිදු වි ඇති බව ජංගම දුරකථන හිමිකරැගේ මිතුරෙකු විසින් පළ කරන ලද Twitter සටහන ඔස්සේ දැක ගන්න පුළුවන්.
My friend's phone Realme XT blast in the evening today....@MadhavSheth1 please do something ? pic.twitter.com/CrCnaOKnIK
— Sandip Kundu (@SandipK75709658) December 28, 2021
එම ඡායාරූපවලට අනුව ජංගම දුරකථයේ සැහෙන ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙන අතර මෙය ජංගම දුරකථනයේ බැටරිය පුපුරා යාම නිසා සිදු වි ඇති බව උපකල්පනය කළ හැකි වෙනවා.
Realme සමාගම විසින් මේ පිළිබඳ මේ වෙන විටත් ප්‍රතිචාර දක්වා ඇති අතර මේ පිළිබඳ කටයුතු කිරිම ආරම්භ කිරිමට සුදානමින් පසුවෙන බවත් දන්වා තිබෙනවා.
“We would like to inform you that we have already contacted the person and also we have asked him to visit the nearest authorized service center. Please be assured, we will try our best to resolve his concern as soon as he visits us”.
කෙසේ වෙතත් මෙලෙස පුපුරා යාමට හේතු පිළිබඳ ජංගම දුරකථනයේ හිමිකරැවත් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැකි අතර බොහෝ විට මෙය බැටරියේ සිදු වු යම් ගැටලුවක් නිසා සිදු වුවක් යැයි උපකල්පනය කරන්න පුළුවන්.
Source : Gizmochina