Loading...
Galaxy A55 5G Smartphone එක පිළිබඳව මෙතෙක් වාර්තා වූ තොරතුරු

ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරාම අතිශය ජනප්‍රියත්වය පත් වු Mid Range Smartphone Series එකක් ලෙස Samsung Galaxy A Series එක හඳුන්වා දෙන්න පුලුවන්. මේ වන විට Samsung සමාගම විසින් සෑම වසරකම මාර්තු මාසයේදී පමණ නවතම Galaxy A Series Mid Range Smartphones ලෙසින් Galaxy A Series Devices දෙකක් එළිදැක්වීමට කටයුතු කරනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේදී නවතම Galaxy A55 5G සහ A75 5G Devices එළිදැක්වීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන්න් පුලුවන්. මේ Devices දෙකම Mid Range Price Category එක යටතේ වෙළදපොළට නිකුත් වුවද අප රට තුළ පවතින ආර්ථික තත්වය අනුව මෙරටට ගැලෙපෙන මිලකට නිකුත් වන්නේ Galaxy A55 5G Device එක පමණක් බව පෙර වර්ෂයන්වල මෙන්ම බලාපොරොත්තු වන්න පුලුවන්. මේ හේතුන් නිසාම ශ්‍රී ලංකාව තුළ Galaxy A52, Galaxy A53 සහ Galaxy A54 Smartphones ඉතා ජනප්‍රියත්වට පත් වුවා. ඉතින් මේ වසරෙත් සුපුරුදු පරිදි ජනප්‍රිය විය හැකි Galaxy A55 5G Device එකේ Rumours ගැන අපි මේ ලිපිය ඔස්සේ බලමු.


එළිදැක්වෙන දිනය ?

Samsung සමාගම විසිනු සුපුරුදු පරිදිම මෙම A Series Smartphones පෙළ එළිදැක්වීමට කටයුතු කළහොත් අනිවාර්යෙයන්ම මාර්තු මස තෙවනි සතියේ පමණ මේ Smartphones එළි දැක්වේ යැයි බලාපොරොත්තු වන්න පුලුවන්.

වෙළදපොළ මිල ?

ඒ වගේම ලංකාවේ අපිට වැදගත් වෙන අනිත් දේ මේ A55 5G Smartphone එකේ මිල කෙසේ වෙයිද කියන එක. මීට පෙර නිකුත් වුණ Galaxy A52, A53 සහ A54 5G Smartphones සියල්ල ඩොලර් 449ක පමණ මිලකට වෙළදපොලට නිකුත් වුවා.

මෙවර විශේෂාංගයන් ?

සුපුරුදු පරිදිම Samsung සමාගමේ Flagship Galaxy Smartphoneවල Design එක, එනම් ගිය වසර නිකුත් වු Galaxy A54 5G Device එකේම Design එකෙන් යුතුව මෙය නිකුත් වනු ඇති අතර වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බවට තොරතුරු අන්තර්ජාලය තුළින් වාර්තා වෙනවා.

ඒ අනුව මෙවර Device එක Flat Edgesවලින් Metal Frame එකකින් සමන්විත වනු ඇති බවත්, Side Buttons ‘’Key Island” නමින් කුඩා Bump එකකින් සමන්විතව නිර්මාණය කරනු ඇති බවත් දක්වන්න පුලුවන්.

120Hz Super AMOLED display එකකින් සමන්විත වනු ඇති අතර IP67 Water & Dust Resistant පහසුකමත් මේ සඳහා ලබා දෙනු ඇත. ඒ වගේම මේ Smartphone එක AMD Graphics සමඟින් පැමිණෙන Exynos 1480 chipset එක ඔස්සේ බලගැන්වෙනු ඇති බවත් සඳහන් වනවා. එසේ වුවහොත් AMD graphics, Mid Range Smartphone එකක් සඳහා ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය වනවා.

ඒ වගේම මේ Smartphone එක සඳහා Wi-Fi 6 පහසුකමද වසර 04ක Android version Support එකත්, වසර 05ක Security coverage එකත් හිමි වනු ඇත.

Source: androidauthority.com