One UI ඉතිහාසයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සමගින් One UI 7.0 පළමු වරට Samsung galaxy S25 මාදිළිය සමග පසුගිය ජනවාරි මාසයේ නිකුත් වුණා. මෙලෙස නිකුත් වූ One UI 7 යාවත්කාලීනය අප්‍රේල් මාසයේ සිට Samsung හි අනෙකුත් දුරකථන වෙත නිකුත් කිරීම ආරම්භ වෙනවා.
මෙහි ඇති ඇතැම් features flagship දුරකථන සදහා පමණක් සීමා වන අතර ඔබගේ දුරකථනයේ හැකියාව මත අනෙකුත් features ලැබීමට නියමිතයි. අපි දැන් බලමු One UI 7 සමඟ ලැබෙන අලුත් features මොනවාද කියලා.
AI විශේෂාංග;
- Call transcript - Samsung phone app හරහා කල දුරකථන සංවාදයක් call recording සක්‍රිය කර ඇති විට text එකක් ආකාරයෙන් ද save වීම සිදුවේ.
- Professional Writing Experience - text එකක් select කල විට Galaxy AI Writing features popup වීම සිදුවේ. මේ හරහා අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ නිවැරදි කිරීම,වාක්‍ය රටාවන් වෙනස් කිරීම,සාරාංශ කිරීම සිදුකළ හැකිය.
- Audio eraser - වීඩියෝවක ඇති අනවශ්‍ය ශබ්ද කපා හැරීම සිදුවේ.(සුළඟේ ඝෝෂාව වැනි).
- Listen to web page summaries - Samsung internet හරහා වෙබ් පිටුවක ඇති ලිපියක් සාරාංශ කර එයට සවන්දීමට ඇති හැකියාව
- Smart Search in setting - AI මගින් බලගැන්වුන natural language search හරහා කිසියම් setting එකක් පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව.
- Google Gemini Samsung app සඳහාද සහය දැක්වීම (Samsung calendar, Samsung notes, Reminders, Clock වැනි).

අනෙකුත් විශේෂාංග
- New app icon & Widgets - Samsung Apps සදහා වර්ණවත් නව app icons හඳුන්වා දීම. widget වල ප්‍රමාණයන් වෙනස් කිරීමට පෙර One ui යාවත්කාලීනයන්ට සාපේක්ශව වැඩි නිදහසක් පරිශීලකයන්ට ලබා දීම.
- App icons වල ප්‍රමාණය වෙනස් කිරීමටත් අවශ්‍ය නම් ඒවායේ නම app icon එක යටින් පෙන්වීම නැවැත්වීමට ඇති හැකියාව
- Quick info via now bar- අවශ්‍ය තොරතුරු දුරකථනය unlock කිරීමකින් තොරව බලාගැනීමටත් ඒවායේ වෙනස්කම් කිරීමටත් පහසුකම් ලබා දීම. මෙය Lock Screen එකේ පහළින් දිස් වන අතර ක්‍රියාත්මක වෙමින් පවතින media control, timer, stop watch, voice recordings, Samsung health data ආදියෙහි වෙනස්කම් කිරීමට හැකියාව ලබා දේ.
- Customizable lock screen clock - lock screen සදහා නව clock styles සහ clock animated styles ලබා දීම. මීට අමතරව font weight එක වෙනස් කිරීමේ හැකියාව.
- More widgets & shortcuts - lock screen සඳහා නවතම widget සහාය දැක්වීම(Gallery photo, QR code scanner වැනි)
- Separate Quick settings & Notifications - Notification සහ Quick panel එකිනෙකින් වෙන්වූ panel දෙකක් ආකාරයට නිර්මාණය කර තිබීම.දකුණු පස ඉහල කෙළවරෙන් swipe down කල විට Quick setting සහ වෙනත් තැනක සිට swipe down කල විට Notification panel එකත් විවෘත වීම
- එමෙන්ම quick setting පැනලයේ ඇති items අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ හැකියාව .
- Redesigned camera layout - camera app හි නව වෙනස්කම් කිහිපයක් සිදුකර තිබීම.ඒ හරහා camera controls වෙත පහසුවෙන් පරිශීලකයන්ට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දීම.
- මීට අමතරව නවතවම filters අත්දැකීමක් හා තවත් වැඩි දියුණු කිරීම්.(Motion photo, Best face, More ND filter strength in Expert RAW, Log and exposure monitor වැනි)
- Battery protection - battery එක charge වන ප්‍රමාණය පරිශීලකයා කැමති පරිදි තෝරා ගැනීමට හැකිවීම (80% , 85% , 90% 95%) එමෙන්ම නව charging animation එකක් ද බලාගැනීමට පුලුවන්.
- Vertical app drawer - stock android වල මෙන් app list එක scroll කර App වෙත පිවිසීමේ හැකියාව. මෙහි App වල නම් A-Z පිළිවෙළට පෙලගස්වා තිබේ.
- App folder sizes - App folder හි ප්‍රමාණය විශාල කිරීමේ හැකියාව. මේ හරහා folder විවෘත කිරීමකින් තොරව Apps වෙත පිවිසීමටත් folder තුල ඇති Apps හොදින් දැක ගැනීමටත් හැකියාව ලැබෙනවා.
- Samsung Knox security හි වැඩිදියුණු කිරීම්.
- පෙර One UI සංස්කරණයන්ට සාපේක්ශව වඩාත් Smooth Animations මෙහි දැක ගැනීමට ලැබෙනවා(Good lock හරහා තව දුරටත් වෙනස්කම් කිරීමේ පහසුකම).
- මීට අමතරව ඇතැම් app වල සුලු වෙනස්කම් කිහිපයක්,නව battery icon එකක් ඇතුළු වෙනස්කම් රාශියක් One UI 7.0 හි දැක ගැනීමට ලැබෙනවා.
- ඔබේ දුරකතනයත් One UI 7.0 සදහා සහය දක්වන්නේ නම් ඉදිරි මාස කිහිපය ඇතුළත එය ලැබීමට නියමිතයි.
කොරියානු වෙලදපොල වෙනුවෙන් නිකුත් කල One UI 7.0 Update Timeline එක පහතින්
සැ.යු. - මෙහි One UI 7 සහය දක්වන ඇතැම් දුරකතන මාදිලි ඇතුලත් නොවන අතර ඇතැම් මාදිලිවල නම වෙනස් ආකාරයකින් ඇතුලත් වේ. එමෙන්ම මෙහි සදහන් මාසයන් Regions & Country මත වෙනස් විය හැකි බව සලකන්න. ඔබේ දුරකතනයට යාවත්කාලීනය ලැබෙන මාසය ගැන දළ අදහසක් මෙයින් ලබා ගැනීමට හැකිය.
- April: Galaxy S24/S24+/S24 Ultra, Z Fold 6, Z Flip 6, Z Fold Special Edition, Galaxy Z Fold 5, Z Flip 5, Tab S10+/S10 Ultra, S23/S23+/S23 Ultra, S24 FE
- May: Galaxy Z Fold 4, Z Flip 4, Tab S9/S9+/S9 Ultra, S23 FE, Z Fold 3, Z Flip 3, A34, A35, S22/S22+/S22 Ultra, Tab S8/S8+/S8 Ultra, S21/S21+/S21 Ultra, Galaxy A16, Galaxy Quantum 5, Galaxy Quantum 4
- June: Galaxy Tab S9 FE/S9 FE+, Galaxy A53, A33, A25, A24, A15, Quantum 3, Jump 3, Jump 2, Buddy 3, Galaxy Tab A9/A9+, Tab Active 5, Tab Active 4 Pro, Wide 7