Loading...
Samsung සමාගම තම ප්‍රථම 5nm chipset එක ලෙස Exynos 1080 හඳුන්වාදීමට කටයුතු කරයි

Samsung සමාගමේ නවතම Chipset එක වන Exynos 1080 Chipset එක පසුගිය 12 වනදා එළිදැක්වුණා. මේ Chipset එක 5nm EUV FinFET Technology එක මත ඔවුන් විසින් නිපදවනු ලැබු පළමු Chipset එකද වෙනවා.

මේ Chipset එක Octa-core CPU එකක් සමග Cortex-A78 cores හතරකින් හා Cortex-A55 cores හතරකින් යුතු Triple Cluster Design එකකින් යුතුව නිපදවා තිබෙනවා. ඒ වගේම මෙහි GPU එක Mali-G78 MP10 වෙනවා. 5G Connectivity එකනේ යුතු මේ Chipset එක Sub-6GHz හා mmWave standardsවලට සහය දක්වනවා. ඒ වගේම මේ Exynos 1080 chipset එකට Cat.18 LTE downlink හා uplink එකක් ලබා දිමට හැකියාව පවතිනවා. මිට අමතරව Bluetooth 5.2, all Wi-Fi bands හා FM Radio කියන Connectivity Optionද ලබා දි තිබෙනවා.

මේ Chipset එක 200MP දක්වා Single lens එකක් හෝ 32MP + 32MP Dual Camera Setup එකක් සදහා සහය දක්වන අතර 4K 60fps දක්වා වු Video Resolution එකක් ලබා ගැනිමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම නවතම LPDDR4x හා LPDDR5 RAM Standards වලට වගේම UFS 3.1 Storage සදහාත් මනාව සහය දක්වන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ Chipset එක සමග 90Hz Refresh Rate එකකින් යුතු WQHD+ Displays හෝ 144Hz Refresh Rate එකකින් යුතු Full HD+ Displaya භාවිත කල හැකි වෙනවා.

මේ  Exynos 1080 Chipset එකෙන් බලගැන්වෙන Smartphone එකක් අපිට 2021 වසර මුලදි අපේක්ෂා කල හැකි වෙනවා. ඒ වගේම මේ Smartphone එක බොහෝ විට Vivo සමාගමේ Smartphone එකක් විය හැකි බවටත් තොරතුරු පල වෙනවා.

Sources : Gsmarena