Loading...
Samsung සමාගම නැනෝ මීටර 3 chip නිෂ්පාදනය අරඹ​යි

ඔබට මතක ඇති අප මීට පෙර Android දුරකතන සඳහා ප්‍රථම 3nm SoC එක Samsung විසින් නිෂ්පාදනය කිරීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා කරනු ලැබුවා. ඒ අනුව Samsung සමාගම විසින් මේ වෙන විට නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා 1st Generation 3nm Chips නිෂ්පාදනය ආරම්භ කර ඇති බවට. මේ 3nm Chipset නිෂ්පාදනය සදහා ඔවු​න් නව Gate-All-Around (GAA) Transistor Architecture එක පදනම් කර ගෙන ඇති බවත් මෙහි දක්වා තිබෙනවා.

5nm Chipset එකක් සමග Samsung සමාගමේ 1st Generation 3nm Chipset එක සන්සන්දනය කිරීමේදි මේ 3nm Chipset එකට 23%ක අමතර Performance එකක් ලබා දෙන්න, 45%ක් දක්වා Power Consumption එක අවම කරන්න වගේම 16%ක් දක්වා Surface Area එක අඩු කිරීමටත් හැකියාව ලැබි තිබෙනවා.

ඒ වගේම ඔවුන් දක්වන ආකාරයට ඔවුන්ගේ 2nd Generation 3nm Chipset එකකට 5nm Chipset එකකට වඩා 30%ක Performance එකක් ලබා දෙන්නත්, 50%ක් දක්වා Power Consumption එක අවම කිරීමත් සහ 35%ක් දක්වා Surface Area එක අවම කිරීමත් හැකි වෙනු ඇත.

Sources: Samsung Newsroom TechCrunch