Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Z Series එකේ මීලග Fold හා Flip Smart Phones නිකුත් කිරිමට සුදානමින් සිටින අතර ඒ සමගම අප විසින් Galaxy Z Fold හි Specifications නිල නොවන අයුරින් අන්තර්ජාලයට නිකුත් වි ඇති බවටත් ඔබ වෙත තොරතුරු ගෙන ආවා.
ඒ අනුව Samsung සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ මිලග Galaxy Unpacked Event එක, එනම් Galaxy Z Fold 4 හා Galaxy Z Flip 4 එළිදැක්විමට එළඹෙන අගොස්තු මස 10 වෙනි දින කටයුතු කරන බවට රහස් Twitter සටහනක් මගින් පළ කර තිබෙනවා. ඒ වගේම මේ Galaxy Z Series එක සමගින් Galaxy Watch Series 5 එකත් එළිදැක්විමට නියමිතව තිබෙනවා.
We have a secret to tell you. #SamsungUnpacked
— Samsung Mobile (@SamsungMobile) July 18, 2022
මෙම රහස් පණිවිඩය විසදීම මගින් මේ Galaxy Unpacked Event එක පැවැත්වීමට නියමිත දිනය පහත පරිදි ලබා ගත හැකි වෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙලෙස නිකුත් කිරිමට නියමිත Galaxy Z Fold හා Galaxy Z Flip Smart Phonesවල විශේෂාංගයන් සහ මිල ගණන් පිළිබඳ තොරතුරු කිසිවක් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳවත් යම් යම් තොරතුරු නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.
Sources: GSM Arena