Loading...
Samsung Galaxy S22 ජංගම දුරකතන මාලාව පෙබරවාරියේදී එලිදක්වන බවට Samsung සමාගම තහවුරු කර​යි

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship ජංගම දුරකතනය වන Samsung Galaxy S22 මාදිලිය මෙම වසරේ පෙබරවාරි මස එලිදැක්වීමට සූදානමින් සිටින බව Samsung Electronicsහි MX Business අංශයේ සභාපති සහ ප්‍රධානියා ලෙස කටයුතු කරන TM Roh විසින් ප්‍රකාශ කර තිබෙනවා. නව Galaxy Unpacked event එක ගැන එලිදැක්වූ teaser video එක පහතින් දක්වා ඇත.

TM Roh ප්‍රකාශ කර ඇති ආකාරයට ලබන මස පැවැත්වෙන Unpacked event එකේදී Samsung සමාගම විසින් මෙතෙක් එළිදැක්වූ "the most noteworthy S series device" එකක් එලිදැක්වීමටද ඔවුන් කටයුතු කරමින් සිටිනවා. ඔහු එහිදී ප්‍රකාශ කල Noteworthy නම් වචනයෙන් Samsung Galaxy ලෝලීන් වෙත යම් ඉඟියක් පල කර සිටින්නේ, Samsung සමාගම විසින් නවතා දැමූ Samsung Galaxy Note ජංගම දුරකතන මාලාව Samsung Galaxy S දුරකතන මාලාව සමඟින් Galaxy S මාදිලියේ දුරකතනයක් ලෙසින් නිකුත් කරනු ඇති බවයි. මේ පිළිබඳව අප විසින් ඔබට පෙර කරන ලද වාර්තා කිරීම් වලදි සඳන් කරනු ලැබුවා.

Samsung confirms February launch event, promises a ''noteworthy'' Galaxy S22 Ultra

2021දී අවසන් කෙරුනු Samsung Galaxy Note දුරකතන මාලාවේ අවසාන වරට එලිදැක්වීමේදී හදුන්වාදුන් Galaxy Note 20 Ultra මාදිලිය මෙම වසරේ​දී නැවත වතාවක් Galaxy S දුරකතන මාලාවේම කොටසක් වශයෙන් Galaxy S 22 Ultra නමි​න් එලිදැක්වීමට Samsung සමාගම විසින් සූදානම්ව සිටින බවද වාර්තා වෙනවා. එම වාර්තා වලට අනුව, මෙවර Samsung Galaxy S22 Ultra දුරකතනය සමඟින් Samsung සමාගම විසින් එලිදැක්වූ වේගවත්ම S Pen එකද ලබා දීමට සූදානම් වනවා.

වැඩිදුරටත් අදහ​ස් දක්වමින් TM Roh විසින් ප්‍රකාශ කර ඇත්තේ රාත්‍රීකාලයේදී ඉතාමත් හොඳ ඡායාරූප ලබා ගැනීම සහ වීඩියෝ දර්ශන පටිගත කිරීමේ හැකියාව S22 මාදිලිය හරහා පාරිභෝගිකයන්ට හිමිවන බවත්, අනෙකුත් ජගම දුරකතන වලට වඩා වැඩි කාලයක් රදා පවතින බැටරි බලයක්, වේගවත් අත්දැකීමක් සහ නව පහසුකම් රැසකින් මෙම මාදිලිය බල ගැන්වෙන බවයි.

Source: Samsung