Loading...
Galaxy S24 Ultra සමඟ කරළියට එන Samsung ProVisual Engine එක

Android Smartphones ලොකයේ රජු නැතිනම් Samsung Galaxy S24 Ultra Smartphone එක සඳහා ඔවුන් විසින් ලබා දී ඇති නව Quad Tele camera system එක සහ ඒ සමඟ හඳුන්වා දුන් ProVisual Engine නම් AI-powered Tool එක පිළිබඳව මේ Smartphone එක නිකුත් වීමත් සමඟ වැඩි වශයෙන් කතාබහට ලක් වු ආකාරය අපට දක්නට ලැබුණා.

ඒ අනුව Samsung සමාගම විසින්ම ඔවුන්ගේ මේ සුපිරි Camera Setup එක පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරන්න කටයුතු කර තිබෙනවා.

Samsung සමාගම විසින් මේ Galaxy S24 Ultra Smartphone එක සඳහා ලබා දී ඇති Quad Tele System එක ඔස්සේ 10x දක්වා වු Optical Zoom පහසුකමත් ලබා ගැනිමට හැකි වන අතර මේ ඔස්සේ මීට අමතරව 2x, 3x සහ 5x දක්වා වු Optical Zooming පහසුකමුත් ලබා ගත හැකියි.

Nightography

මේ S24 Ultra සඳහා ලබා දී ඇති නව 5x zoom camera එකේ Sensor එක මිට පෙර නිකුත් කළ S23 Ultra Smartphone එක සඳහා ලබා දී තිබු Camera Sensor එක මෙන් දෙගුණයකින් පමණ ප්‍රමාණයෙන් විශාල කර තිබෙන අතර එය ප්‍රමාණයෙන් විශාල pixelsවලින් සමන්විත වනවා. එය දළ වශයෙන් 60%ක පමණ වනවා. එමෙන්ම මේ Camera Setup එක AI-enabled image signal processor (ISP) එකකින් සමන්විත වන අතර එය 42% පමණ වේගවත් neural processing unit (NPU) එකකින් ද සමන්විත වනවා. මේ ඔස්සේ වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනිමේ සහ ආලෝක තත්වයෙන් උසස්, Noice එකෙන් අඩු Image එකක් Capture කර ගැනීමේ හැකියාව හිමි වනවා.

Image Source- Samsung

මෙහි shutter speed එක 30% පමණ වේගවත් වන අතර telephoto camera එකේ optical image stabilization angle එක තවත් වැඩි කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා. මේ නිසා ඉතා ඉක්මනින්, දුරකථනය සෙලවන අවස්ථාවක වුවද clearer images Capture කර ගැනිමේ හැකියාව හිමි වනවා.

Generative Edit

Image Source- Samsung

මේ සමඟ හඳුන්වා දී ඇති AI Generative Edit පහසුකම ඔස්සේ මෙයට Imagesවල ඇති Background ගැටලු AI Powered straightening, resizing, in-painting සහ out-painting techniques මගින් විසදිය හැකි වනවා.

Expert RAW

Image Source- Samsung

Galaxy S24 Ultraහි ලබා දී ඇති 24MP fusion මගින් Professional-quality Images ලබා ගැනිමේ හැකියාව හිමි වනවා. මේ 24MP fusion ඔස්සේ high-res 50MP images සමඟ multi-frame 12MP images එකතු කර JPEG, RAW හෝ JPEG/RAW ලෙසින් Export කර ගැනිමේ හැකියාව ලබා දෙනවා.

Enhance-X

Image Source- Samsung

මෙය ඔවුන්ගේ AI-powered editor එක වන අතර එය නව Camera Shift featureවලින් ද සමන්විත වනවා. ඒ ඔස්සේ ඔබ ලබා ගන්නා Photoවල angle සහ perspective එක Photo එක Capture කළ පසුද වෙනස් කර ගැනිමේ හැකියාව පවතිනවා.

Source: samsungmobilepress