2019 වසරේදි Samsung සමාගම විසින් AMD සමාගම සමගින් AMD Powered Exynos Chipset නිෂ්පාදනය සදහා එකතු වෙනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් දක්වනු ලැබුවේ මේ AMD Powered Exynos Chipset මගින් Ray-tracing වැනි High-end Graphical Features මේ Smart Phone සදහා ලබා දිමට හැකි වෙනු ඇති බවයි.
Samsung සමාගම විසින් පසුගිය දිනක නිල වශයෙන් ඔවුන්ගේ මේ AMD Powered Exynos Chipset එකේ එළිදැක්වීම පිළිබඳ තොරතුරු නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ජනවාරි 11 වෙන දින නිල වශයෙන් ඔවුන්ගේ මේ AMD Powered Exynos Chipset නිකුත් කරනු ඇත.
#PlaytimeIsOver. The gaming marketplace is about to get serious. Stay tuned for the next #Exynos with the new GPU born from RDNA 2. January 11, 2022. pic.twitter.com/5V547CpDkP
— Samsung Semiconductor (@SamsungDSGlobal) December 30, 2021
දැනට මේ AMD Powered Exynos Chipset එක ගැන වාර්තා වෙන තොරතුරුවලට අනුව මෙය Exynos 2200 ලෙස හැදින්විමට ඉඩ ඇති අතර මේ වසරේ නිකුත් විමට නියමිත Samsung Galaxy S22 Series එකේ Global Version සදහා මේ Chipset එක ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Source: Android Authority