Loading...
Samsung සමාගම විසින් AMD සමාගම සමඟින් එකතුවී නිර්මාණය කල ප්‍රථම Exynos chip එක එලිදක්වන දිනය නිවේදනය කර​යි

2019 වසරේදි Samsung සමාගම විසින් AMD සමාගම සමගින් AMD Powered Exynos Chipset නිෂ්පාදනය සදහා එකතු වෙනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් දක්වනු ලැබුවේ මේ AMD Powered Exynos Chipset මගින්  Ray-tracing වැනි High-end Graphical Features ⁣මේ Smart Phone සදහා ලබා දිමට හැකි වෙනු ඇති බවයි.

Samsung සමාගම විසින් පසුගිය දිනක නිල වශයෙන් ඔවුන්ගේ මේ AMD Powered Exynos Chipset එකේ එළිදැක්වීම පිළිබඳ තොරතුරු නිකුත් කරනු ලැබුවා. ඒ අනුව ජනවාරි 11 වෙන දින නිල වශයෙන් ඔවුන්ගේ මේ AMD Powered Exynos Chipset නිකුත් කරනු ඇත.

දැනට මේ AMD Powered Exynos Chipset එක ගැන වාර්තා වෙන තොරතුරුවලට අනුව මෙය Exynos 2200 ලෙස හැදින්විමට ඉඩ ඇති අතර මේ වසරේ නිකුත් විමට නියමිත Samsung Galaxy S22 Series එකේ Global Version සදහා මේ Chipset එක ලබා දෙනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Android Authority