Loading...
Samsung සමාගම විසින් Galaxy A33, A53 සහ A73 නමින් නව Galaxy A මාදිලියේ ජංගම දුරකතන 3ක් එලිදැක්වීමට කටයුතු කර​යි

Samsung Galaxy A Series එක කියන්නේ මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි තිබෙන Smart Phone Series එකක් වගේම සමාගමේ මුලු Smart Phones අලෙවියෙන් අඩකට ආසන්න අලෙවි ප්‍රමාණයකටත් හිමිකම් කියනු ලබන Smart Phone Series එකක්.

8th Generation Galaxy A Series එක, නැතිනම් 2022 වසර සදහා අදලා නවතම Samsung Galaxy A Series Devices වෙන Galaxy A33 හා Galaxy A53, Samsung සමාගම විසින් පැවැත්වු Galaxy A Event නිල වශයෙන් එළිදැක්විම කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් Samsung සමාගම විසින් මේ Galaxy A Event එකේදී Galaxy A73 Device එක පිළිබඳ කිසිදු තොරතුරක් නිකුත් නොකලත් එම Device එකත් එළිදක්වා තිබෙනවා. මෙලෙස Galaxy A Event එකේදී මෙය එළිදැක්විම සිදු නොකිරීමට හේතුව බොහෝ විට මේ Galaxy A73 Device එක තෝරාගත් රටවල් සදහා පමණක් නිකුත් කීරිමට ඉඩකඩ ඇති නිසා බව දක්වන්න පුලුවන්.

අපි මුලින්ම බලමු නවතම Galaxy A33 හා A53 Devicesවල Common Features ගැන;

Awesome Display


මේ Devices දෙක සදහාම Samsung සමාගමේ Super AMOLED FHD+ Display ලබා දි තිබෙන අතරම Corning Gorilla Glass 5 Protection එකත් Display එක සදහා ලබා දී තිබෙනවා.

Awesome Camera

Galaxy A32 හා A52 Devices දෙක සදහාම Samsung සමාගම විසින් එකම Design එකකින් යුතු Rear Quad Camera Setup එකක් ලබා දි තිබෙනවා. මේ Quad Camera Setup එක Main Lens එක Optical Image Stabilization Feature එකෙන් සමන්විත වෙන අතර Sharp හා Steady Photo හා Video Capture කිරිමේ හැකියාව මේ මගින් ලැබි තිබෙනවා. එමෙන්ම අදුරේදි වඩාත් හොද Photo එකක් Capture කිරිමට මේ සමග ඇති Night Mode එක අතිශය ප්‍රයෝජනවත් වෙනවා. එමෙන්ම මීට අමතරව Portrait Mode හා Fun Mode එකත් ලබා දී තිබෙනවා.

Awesome Performance

Galaxy A33 හා Galaxy A53 Devices දෙකම 5nm Samsung Exynos 1280 Chipset එක මගින් බලගැන්වෙනු ලබන අතර 6GB හෝ 8GB RAM එකකින් සමන්විත වෙන මේ Devices සමග ලබා දෙන Virutual RAM Feature එක හරහා RAM ධාරිතාවය වැඩි කර ගැනිමේ අවස්ථාවත් ලැබෙනවා. මේ Devicesවල Internal Storage එක 128GB හා 256GB වෙනවා.

More Awesome Features

මේ Devices දෙකම IP67 Water & Dust Resistance Protection එකෙන් යුතු වෙන අතර Samsung Knox Defense Grade Security System එක මගින් Device එකේ පවතින Personal Data සදහා Real-Time Safeguard එකක් සපයනවා. ඒ වගේම මේ 8th Generation Galaxy A Series එක යටතේ නිකුත් වුණ Devices සියල්ල 5G Ready Devices වෙනවා.

මීට අමතරව Stereo Speakers වගේම Two Day Battery Life එකකුත් මේ Devices සදහා ලබා දි තිබෙනවා. මේ Devices සියල්ලටම 1TB දක්වා වු External Memory Cards භාවිත කල හැකි වෙනවා. Samsung සමාගම විසින් වැඩි දුරටත් දක්වා තිබෙන්නේ මේ Devices One UI Generation 04ක් දක්වා වු Software Updates සදහා මෙන්ම වසර 05ක් දක්වා වු Security Updates සදහාත් සුදුසුකම් සපුරන බවයි.

කෙසේ වෙතත් මේ Devices දෙකෙන්ම Headphone Jack Port එක ඉවත් කීරිමට කටයුතු කර ඇති අතර in Box Charging Adapter එකද හිමි වෙන්නේ නැ.

මේ අලුත් Samsung Galaxy A33 හා A53 Devices දෙක Awesome Black, Awesome White, Awesome Blue හා Awesome Peach කියන Colors Optionවලින් මිලදි ගන්න පුළුවන්. Galaxy A53 Device එක €449ක මිලක සිටත්, Galaxy A33 Device එක €369ක මිලක සිටත් මිලදි ගන්න පුළුවන්.‌

Galaxy A33 Specifications

මේ Device එක අගල් 6.4ක Full-HD+ Super AMOLED Infinity-U Display එකකින් සමන්විත වෙනවා. මේ Display එකේ Refresh Rate එක 90Hz පමණ වෙනවා.

48MP Primary Lens එකකින් යුතු Quad Camera Setup එකක් මේ Device එක සදහා ලබා දි තිබෙනවා. මිට අමතරව 8MP Ultra-wide lens එකක් 2MP Depth lens එකක් හා 5MP Macro Lens එකක් ලබා දි ඇති අතර මෙහි Primary Camera Lense එක Optical Image Stabilization (OIS) Feature එකෙන් සමන්විත වෙනවා. Selfie Camera Setup එක සදහා 13MP Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Camera Setup එක සදහා 4K Video Snap,  Scene Optimizer, Night mode, AR emoji, and My Filters හා Fun mode (Snapchat partnership) ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

Samsung Exynos 1280 Chipset එක මගින් බලගැන්වෙන මේ Device එක 6GB හෝ 8GB RAM එකකින් යුතුව 128GB හා 256GB Internal Storage Optionsවලින් මිලදි ගත හැකියි. ඒ වගේම Micro SD Card මගින් 1TB දක්වා Storage එක වැඩි කරගත හැකි වෙනවා. මේ Device එක සදහා Android 12 OS එක සමග Samsung සමාගමේ නවතම One UI Version එක වෙන One UI 4.1 ලබා දි තිබෙනවා

25W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දි තිබෙන අතර මෙය Stereo Speakers Setup, Dolby Atmos Surround Sound, In Display fingerprint scanner, Face unlock, Samsung Knox security, SmartThings find, IP67 Water & Dust resistance හා 5G Ready ආදි Features රැසකින් සමන්විත වෙනවා.

Galaxy A53 Specifications

මේ Device එක අගල් 6.5ක Full-HD+ Super AMOLED Infinity-O Display එකකින් සමන්විත වෙනවා. මේ Display එකේ Refresh Rate එක 120Hz පමණ වෙනවා.

64MP Primary Lens එකකින් යුතු Quad Camera Setup එකක් මේ Device එක සදහා ලබා දි තිබෙනවා. මිට අමතරව 12MP Ultra-wide lens එකක් 5MP Depth lens එකක් හා 5MP Macro Lens එකක් ලබා දි ඇති අතර මෙහි Primary Camera Lense එක Optical Image Stabilization (OIS) Feature එකෙන් සමන්විත වෙනවා. Selfie Camera Setup එක සදහා 32MP Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Camera Setup එක සදහා 4K Video Snap,  Scene Optimizer, Night mode, AR emoji, and My Filters හා Fun mode (Snapchat partnership) ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

Samsung Exynos 1280 Chipset එක මගින් බලගැන්වෙන මේ Device එක 6GB හෝ 8GB RAM එකකින් යුතුව 128GB හා 256GB Internal Storage Optionsවලින් මිලදි ගත හැකියි. ඒ වගේම Micro SD Card මගින් 1TB දක්වා Storage එක වැඩි කරගත හැකි වෙනවා. මේ Device එක සදහා Android 12 OS එක සමග Samsung සමාගමේ නවතම One UI Version එක වෙන One UI 4.1 ලබා දි තිබෙනවා

25W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දි තිබෙන අතර මෙය Stereo Speakers Setup, Dolby Atmos Surround Sound, In Display fingerprint scanner, Face unlock, Samsung Knox security, SmartThings find, IP67 Water & Dust resistance හා 5G Ready ආදි Features රැසකින් සමන්විත වෙනවා.

Galaxy A73

අගල් 6.7ක Super AMOLED Full-HD+ Infinity-O Display එකකින් සමන්විත වෙන මේ Device එක 120Hz Display Refresh Rate එකකින් ද යුතු වෙනවා. මේ Display එක Gorilla Glass 5 Protection එකෙන් ද සමන්විත වෙනවා.

මෙය Qualcomm සමාගමේ Snapdragon 778G Chipset එක මගින් බලගැන්වෙන අතර 6GB හා 8GB RAM Optionsවලින් හා Virutual RAM Feature එකෙන් ද යුතු වෙනවා. මේ Device එක 6GB හෝ 8GB RAM එකකින් යුතුව 128GB හා 256GB Internal Storage Optionsවලින් මිලදි ගත හැකියි. ඒ වගේම Micro SD Card මගින් 1TB දක්වා Storage එක වැඩි කරගත හැකි වෙනවා.

Samsung සමාගම විසින් ප්‍රථම වතාවට මේ Mid Range Device එකක් සදහා 108MP Camera Lense එකක් යොදා ගෙන ඇති අතර මේ Primary Camera Lense එකත් OIS Feature එකෙන් සමන්විත වෙනවා. මිට අමතරව 12MP Ultra-wide lens එකක් 5MP Depth lens එකක් හා 5MP Macro Lens එකක් ලබා දි තිබෙනවා. Selfie Camera Setup එක සදහා 32MP Lens එකක් ලබා දි තිබෙනවා.

මේ Camera Setup එක සදහා 4K Video Snap,  Scene Optimizer, Night mode, AR emoji, and My Filters හා Fun mode (Snapchat partnership) ආදි Features රැසක් ලබා දි තිබෙනවා.

25W Fast Charging Technology එක සහිත 5000mAh Battery එකක් ලබා දි තිබෙන අතර මෙය Stereo Speakers Setup, Dolby Atmos Surround Sound, In-Display fingerprint scanner, Face unlock, Samsung Knox security, SmartThings find, IP67 Water & Dust resistance හා 5G Ready ආදි Features රැසකින් සමන්විත වෙනවා.

මේ Device එක සදහා Android 12 OS එක සමග Samsung සමාගමේ නවතම One UI Version එක වෙන One UI 4.1 ලබා දි තිබෙනවා

Source: Samsung