Loading...
විශේෂාංග රැසක් සමඟින් වෙළදපොලට නිකුත් වීමට නියමිත Samsung Galaxy A57 සහ A37

Samsung සමාගමේ වඩාත්ම අලෙවි වන සහ ජනප්‍රියතම Mid-range Smartphone Series එක ලෙස Galaxy A Series එක හඳුන්වා දෙන්න පුලුවන්. මේ Series එකේ නවතම Smartphone ලෙස නිකුත් වීමට නියමිත වන Galaxy A57 සහ Galaxy A37 පිළිබඳව තොරතුරු මේ වන විට අන්තර්ජාලය තුල වාර්තා වෙමින් පවතින අතරම Smartphone ද්විත්වයම Samsung සමාගමේ Premium Smartphone සඳහා ලබා දෙන විශේෂාංග රැසක් සමඟින් වෙළදපොලට නිකුත් කිරීමට ඔවුන් සූදනමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

Samsung Galaxy A57

Galaxy A57 මාදිලිය මෙවර සිය පෙනුමෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් ඉහළ මට්ටමකට ගෙන ඒමට Samsung කටයුතු කර ඇති බවට වාර්තා වන අතරම මේ සඳහා Samsung සමාගමේම Exynos 1580 Chipset එක ඇතුළත් කර ඇති අතර, එය 8GB හෝ 12GB RAM ධාරිතාවයකින්ද යුක්ත වනවා.

120Hz Refresh Rate එකකින් සහ 2,500 nits උපරිම දීප්තියකින් යුක්ත වේ අඟල් 6.6 ක OLED තිරයක් ලබ දෙනු ඇති අතරම 50MP Primary Cameraවකින්, 12MP Ultra-wide Cameraවකින් සහ 5MP Macro Cameraවකින් Rear Camera Setup එක සමන්විත වනවා. Selfi Camera එක 32MP Camera Lens එකකින් සමන්විත වනවා.

Image Sources - gsmarena.com

එමෙන්ම 5,000 mAh Battery Capacity එකක් සමඟින් 45W Fast Charging Techonlogy සහය දක්වන අතර Awesome Iceblue, Awesome Lemon, Awesome Lilac සහ Awesome Navy යන වර්ණවලින් මෙය ලබා ගත හැකි වනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Image Source - X.com

Samsung Galaxy A37

A57 ට වඩා මඳක් මිලෙන් අඩු නමුත් ඉහළ තාක්ෂණික අංග සහිතව Galaxy A37 නිකුත් කිරීමට නියමිත වන බව දක්වන්න පුලුවන් වන අතරම සඳහා Samsung සමාගමේම Exynos 1480 Chipset එක හෝ Snapdragon 7s Gen 2 Chipset එක ඇතුළත් කර ඇති අතර, එය 6GB හෝ 8GB RAM ධාරිතාවයකින්ද යුක්ත වනවා.

120Hz Refresh Rate එකකින් යුතු අඟල් 6.6 ක FHD+ OLED තිරයක් ලැබෙනු ඇති අතරම 50MP Primary Cameraවකින්, 8MP Ultra-wide Cameraවකින් සහ 2MP Macro Cameraවකින් Rear Camera Setup එක සමන්විත වනවා.

Image Sources - gsmarena.com

එමෙන්ම 5,000 mAh Battery Capacity එකක් සමඟින් 25W Fast Charging Techonlogy සහය දක්වන අතර 'Awesome Awesome Lime', 'Awesome Awesome Light Blue' සහ 'Awesome Awesome Graphite' යන වර්ණවලින් මෙය ලබා ගත හැකි වනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්

Operating System සහ AI Features

මෙම Smartphones දෙකම Android 16 සහ Samsungහි නවතම One UI 8 සමඟින් වෙළඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර මීට පෙර Flagship දුරකථනවලට පමණක් සීමා වූ Circle to Search, Live Translate වැනි Galaxy AI විශේෂාංග රැසක් මෙම Smartphones සඳහා ද ලබා දීමට Samsung සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා. මීට අමතරව මෙම Smartphones සඳහා වසර 6ක OS සහ Security updates ලබා දෙනු ඇතැයි බලපොරොත්තු වන්න පුලුවන්.

Source: www.androidauthority.com www.gsmarena.com